Sunday, November 30, 2014

Sl apk Tool (හදුන්වා දීම)

Sl apk Tool (හදුන්වා දීම)



ඔන්න ගොඩ දවස්ක් බලාගෙන ඉදලා මේ පෝස්ට් එක දාන්ට යන්නේ  හොදට කියවලා බලලා වැඩේ කරන්ට ඕනේ හොදේ හරිම සිම්පල් අලුත් අප්ඩේට් එකත් එක්කමයි මේක කියන්ට යන්නේ අපි දකිනවා රොම් වල තියෙනවා මොඩ් කරපු Systemui මැසේජ් ඇප් අනම් මනම් ඇප් අන්න ඒ වගේ අපිටම කියලා අපි කැමති විදිහට ඇප් එකක් මොඩ් කරන්ට පුලුවම් මේකේන් ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැබැයි ඉතිම් ටිකක් කල්පනා කරන්ට ඕනේ පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්ට ඕනේ මේකත් එක්කම ඉන්නකොට නිකන්ම ඇගට එනවා කරන්ට ඕන කරන දේවල් ටික මම පොඩි මොඩ් පාරක් දාලා කියලා දෙන්නම් කරන්නේ කොහොමද කියලා මුලින්ම SL APK TOOL වල තියෙන බටන් වලින් කරන දේවල් ටික බලා ගමු මම මුලින්ම වැදගත් ටික විතරක් කියලා දෙන්නම් එහෙනම් මුලින්ම පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට sl apk tool එක

DOWNLOAD



1.Apk tool 1.5.2 මෙමගින් පුලුවම් ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා සහයෝගය දක්වන apk සාර්තකව එඩිට් කරගන්ට මේ ඒක නිසා ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා ඇති apk සදහා Apktool 1.5.0 යොදාගන්ට

==========================================


2.Apk tool 2.0.rc2 මෙමගින් ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් ඒ කියන්නේ 4.4.4 දක්වා ඇති ඕනම apk එකක් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

==========================================

3.Installing Multiple Frameworks ගොඩක්ම වැදගත් අපි System apk එකක් මොඩ් කරනවානම් අදාලා frameworks මුලින්ම පරිගනකයට Install කරගත යුතුය එහෙම frameworks ඉන්ස්ටෝල් කිරීම මගින් පහසුවෙන් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

* framework-res.apk (All Android)
* com.htc.resources.apk (HTC Only)
* mediatek-res.apk (mediatek Android Only)
* SemcGenericUxpRes.apk (Sony Xpiria Only)
* twframework-res.apk (Samsung Android Only)

* SystemUI.apk (All Android)

==========================================

4.Color Pic මගින් පහසුවෙන් අප්ට ඕන කරන කලර් කෝඩ් සොයා ගැනීමට හැක

==========================================

5.SL APK Installer මගින් මොඩ් කරගන්නා APK WIFI මාර්ගයෙන් ෆෝන් එකට Install කරගැනීමට හැක මේ සදහා WIFI හෝ  Data Cable යන දෙවිදිහෙන්ම Install කරගැනීමට හැක

==========================================

6.Need Software තුල ඇති සියලුම සොෆ්ට්වෙයා SL APK TOOL වලින් වැඩ කරගැනීමට උවමනා වෙනවා SL APK TOOL Install කරගත්ත ගමන් කලයුත්තේ Need Software තුල තිබෙන Software හා එහි ඇති ෆෝන්ට් ටික Install කර ගැනීමයි

==========================================

7.Clean APK Tool මගින් මෙම සොෆ්ට්වෙයා එක බාවිතා කරන වෙලාවට බැකප් වෙන ඔරිජිනල් APK ෆයිල් හා අනිකුත් ඇක්ටිවිටීස් වල බැකප් ඩිලීට් කරීමට හැක

==========================================

වැඩි කතා ඕන නෑ මේකෙන් වැඩ ගන්න හැටි කොයිතරම් කීවත් පැහැදිලි නෑ ඒකට එකක් කරලම පෙන්වන්ට ඕනේ කියලා හිතව්වා සිම්පල් විදිහට ඇප් එකක නම වෙනස් කරගන්න විදිහ කියලා දෙන්නම් නේම් එක විතරක් නෙවෙයි ඇප් එකක් සම්පූරනයෙන්ම සිංහල උනත් කර ගත හැකි ඒක ඉතිම් ඔයාලා ගේ අතේ තියන දෙයක් හරි මුලින්ම ඔයාලා Sl apk Tool ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා මම හිතනවා හරි මුලින්ම ඔයාලා නම වෙනස් කරග්න්ට යන ඇප් එක ‍තෝරා ගන්ට ඒ කරලා SL APK TOOL ඕපන් කරගන්ට අලුත් ඇප් එකක් මොඩ් කරන්ට යනවානම් APK TOOL 2.0.rc2 ‍තෝරා ගන්ට




ඔන්න මම ‍තෝරා ගත්තේ Gmail App එකේ නම වෙනස් කරගන්ට හරි දැන් ඔයාලා APK TOOL 2.0.rc2  ඕපන්කරගෙන ඉන්නේ දැන් උඩම තියෙන Please Select APK කියන බොත්තම ඕබලා ඔයාලා මොඩ් කරගන්ට යන APK ෆයිල් එක සිලෙක් කරන්ට




හරි දැන් ඔයාලා සිලෙක් කරගත්ත apk ෆයිල් එක Decompiling කරගන්ට ඕනේ ඒකට ඔයාලා Decompiling  යටතේ තියෙන Normal බොත්තම ඔබන්ට ඔය අනිත් බොත්තම් වලිනුත් ගොඩක් ලොකු වැඩකරගන්ට පුලුවම් මම ඒ ගැන පස්සේ කියලා දෙන්නම් Apk ෆයිල් එක Decompiling උනාට පස්සේ ඔයාලා Open Edit Folder බොත්තම ඔබන්ට  එතකොට ඔයාලාගේ Decompiling  apk ෆයිල් එකට අදාල ෆෝල්ඩට් එක ඕපන් වෙයි




ඔයාලා Open Edit Folder බොත්තම එබුවාට පස්සේ එන ෆොල්ඩර් එකේ තියෙනවා res කියලා ෆෝල්ඩර් එකක් res ෆොල්ඩර් එක ඕපන් කරගන්ට.ෆෝල්ඩර් එක ඕපන් කරගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙනවා ෆෝල්ඩර් කැටියක් මේ තියෙන ෆෝල්ඩර් apk එකෙන් එකට වෙනස් වෙනවා හැම එකක්ම නෙවෙයි සමහර් විතරයි. දැන් ඔයාලා res ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන Values ෆෝල්ඩට් එක ඕපන් කරගන්ට  Values  ෆෝල්ඩර් එක ඇතුලේ ඇති String.xml ෆයිල් එකක් ඒක Notpad++ වලින් ඕපන් කරගන්ට Notpad++ වලින් ඕපන් කරගන්න එක ඔයාලට වැඩ කරගන්ට ලේසී





හරි දැන් ඔයාලා String.xml  ෆයිල් එක Notpad++ වලින් ඕපන් කරගෙන ඉන්නේ String.xml  ඇතුලේ තියෙන්නේ App එකට අදාල සියලුම වචන් ටික හොදින් බලන්ට තියෙනවා app_name කියලා ඒක ඉස්සරහෛ තියනවා ඔයාලා මොඩ් කරන ඇප් එකට අදාල නම ඔයාලා ඇප් එකේ නම විතරක් වෙනස් කරන්ට ඕනේ වෙන මොකවත් එපා

උදා හරණ :

වෙනස් කිරීමට පෙර

<string name="app_name">Gmail</string>

වෙනස් කිරීමට පසු

<string name="app_name">ජී මේල්</string>

මම හිතනවා පැහැදිලි ඇති කියලා දැන් මතක් කරලා සේව් කරන්ට මොක කලත් සේව් කරන්ට අමතක කරන්ට එපා





හරි ඔයාලා කැමති නමක් දාලා ඉවර වෙලා සේව් කරගෙන ඉවරයි දැන් Notpad++ වලින් අයින් වෙන්ට ඒ වගෙම සියලුම ඕපන් කරලා තියෙන ෆෝල්ඩර් ක්ලෝස් කරන්ට සියලුම ඒවා කියව්වේ Apk Tool එකට අදාල සියල්ලම ඕපන් කරලා තියෙන ෆෝල්ඩට් ක්ලෝස් කරන්ට ඒ කරලා Build MOD APK බොත්තම ඕබන්ට වැඩේ වෙලා ඉවර උනාම  Bilding Apk FIle.. කියලා වැටෙයි සියල්ලම වෙලා ඉවර උනාට පස්සේ Your MOD APK :) බොත්තම ඔබලා ඔයාලා මොඩ් කරගත්ත APK  ෆයිල් එක ගන්ට පුලුවම්







ඔන්න මම හිතනවා SL APK TOOL වලින් වැඩ කරගන්නා විදිහ ගැන පොඩි දැනුමක් ඔයාලාට එන්ට ඇති මම දිගටම එක එක MOD කිරිලි ගැන පෝස්ට් දන්නම් ලස්සන ලස්සන SystemUI එහෙම ලස්සනට ෆොන් එක තියාගන්න විදිහ වගේ බර ගානක් පෝස්ට් මගෙ ලග තියෙනවා එහෙනම් මම අදට ගිහිලා එන්නම් හිතේ තියෙන දදෙයක්කමන්ට් කරලා යන්ට බල කිරීමක් නෑ එහෙනම් ජය!!!!

100% DroidLanka Post


මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share: