Saturday, January 23, 2016

කොහොම හරි රූට් කරමු (සිංහලෙන් 1 කොටස)

කොහොම හරි රූට් කරමු (සිංහලෙන් 1 කොටස)







ඔන්න අවුරුද්දකට විතර පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා පෝස්ට් එකක් දාන්ට රූට් කරන එක ගැන තමයි දාන්ට ආවේ මම අකමැතිම මාර්තෘකාවක් තමයි මේ රූට් කරන සීන් එක ඒත් දැන් දැන් ෆෝන් රූට් කරන එක කියලා දෙන්ටම වෙලා මොකද ඉස්සර වගේ රූට් කරන්ට ලේසි නෑ ඒක නිසා මේ පෝස්ට් එක දාන්ට හිතව්වා මම හිතනවා පහල දාලා තියෙන එක දෙයකින් හරි ඔයාලාගේ ෆෝන් එක රූට් කරගන්ට පුලුවම් වෙයි කියලා එහෙනම් හොදට කියවලා දෙයියනේ කියලා රූට් කරගන්ට

තවමත් ඇන්ඩ්‍රොයිඩ් 2.3 ඉදම් 4.2 වෙනකම් ෆෝන් පාවිච්චි කරන රූට් කලේ නැති අය ඉන්නවානම් සාර්තකවම රූට් කරගන්ට පුලුවම් බාන්ඩේ තමයි IRoot ඇප් එක මේක ෆෝන් එකටයි කොම්පුටර් එකටයි දෙකටම එනවා පහල ලින්ක් එකෙන් එයාලගේ සයිට් එකට ගිහිත් ඩවුන්ලෝඩ් කරගන්ට පුලුවම්


IRoot Official Site



ඒත් සමහර හර ෆෝන් තියෙනවා රූට් වෙන්නේ නැති ගොඩක් දුරට IRoot වලින් රූට් වෙන්නේ නැත්තේ ඇන්ඩ්‍රොයිඩ් 4.1 වලින් උඩ ෆෝන් ඒ අයට King Root වලින් රූට් කරගන්ට පුලුවම් King Root තියෙනවා ෆෝන් ඇප් එක වගේම පීසී වලටත් පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට

Download Kingo Root

ඔය සෙල්ලම් ඔක්කම දාලාත් රූට් කරගන්ට බැරි උනානම් මෙන්න බාන්ඩේ Root Genius
මේක ඕන ෆෝන් එකකට ගැල පෙනවා ලොලිපොප්ද ජෙලිබීන්ද කියලා කියන්ට බෑ ට්‍රයි කරලම තමයි බලන්ට වෙන්නේ මේකෙත් තීයෙනවා ෆෝන් එකට වගේම පීසී එකටත්

Root Genius Download




තවත් සමහර සැම්සුන්ග් ෆෝන් තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් රන් කරන පට්ටම අමාරුයි රූට් කරන්ට හෙනම ගේමක් දෙන්ට ඕනේ රූට් කරගන්ට Samsung Core 2 , Samsung j1 වගේ ෆෝන් පට ගාලා ෆෝන් එකෙන්ම රූට් කරගන්ට පුලුවම් මේ ඇප් එකෙන් මේකත් ෆෝන් ඒට වගේම  360 Root පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට


Download 360 Root


ඔන්න  රූට් කරන්ට අමාරු ගොඩක් LG  ෆෝන් තියෙන අයට ගැලපෙන ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් 2.2 ඉත ඇන්ඩ්‍රොයිඩ් 4.4 වෙනකම් ගොඩක් ෆෝන් රූට් කරගන්ට පුලුවම් මේ කෙන් මේක තමයි Baidu Root පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට 


Download Baidu Root


ඔන්න දැන් කියන්ට යන්නේ ඇන්ඩ්‍රොයිඩ් 5.0 වලින් උඩ ෆෝන් රූට් කරන අයට ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් රූට් කරන්ට බලාන ඉන්න අයට හරියන ඇප් එක ගැන මේක තමයි King Root මේ අය තමයි මුලින්ම ලොලිපොප් රූට් කරන්ට ඇප් එකක් හැදුවේ ලොලිපොප් විතරක් නෙවෙයි ගොඩක් ෆෝන් රූට් කරගන්ට පුලුවම් මේකෙන් අරගෙන බලන්ට


Download King Root



මේ හැම ඇප් එකකින්ම ට්‍රයි කරලාත් හරිගියේ නැති අයට රූට් කරගන්ට ඕනේනම් එක්කෝ රූට් ෆයිල් ෆෑෂ් කරන්ට වෙනවා නැතිනම් කලින් රූට් කරපු රොම් එකක් ෆ්ලැෂ් කරන්ට වෙනවා එහෙම රූට් කරගන්ට බැරි ෆෝන් වලට රූට් ෆයිල් /  Pre-Root රොම් දෙන මරුම සයිට් දෙකක් හම්බ උනා ගොඩක් තියෙන්නේ සැම්සුන්ග් ෆෝන් රූට් ෆයිල් උඩ එක ක්‍රමයක්වත් හරිගියේ නැති අයට මේකෙන් පුලුවම් රූට් කරගන්ට ඇත්තම කියනවානම් මම රූට් කරගත්තෙත් Pre-Root ස්ටොක් රොම් එකක් ෆෑෂ් කරලා එහෙනම් පහල වෙබ් සයිට් වලින් බලන්ට ඔයාලාගේ ෆෝන් එකත් තියේද කියලා

Easy firmware

CF-Auto Root

ඔන්න ඕය ක්‍රමටිකෙන් මම හිතනවා කොහොම හරි ෆෝන් එක රූට් කරගන්ට පුලුවම් වෙන්ට ඇති කියලා අනික මම කීවටම කරලා බලන්ට එපා පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයලා බලලා කරන්ට වැදගත්ම දේ ඔයාලා රූට් කරන්ට ගිහිත් වෙන කිසිම දෙයක් නිසා ෆෝන් එක BootLoop උනොත් මම වගකීම ගන්නේ නෑ එක තත්පරයක් ඇති අත් වැරදීමක් වෙන්ට හොදට බලලා කරන්ට දෙපාරක් හොදට බලන්ට අනික ඔයාලා පාවිච්චි කරන ඩේටා කේබල් හොදටම තියෙද බලන්ට පුලුවම් තරම් ලැප් එකක් යූස් කරලා රූට් කරන්ට කරන්ට් එක ගියෝතින් මොක හරි වෙන්ට පුලුවම් 

බයනම් රූට් කරන්ට එපා තව කියනවානම් අවදානමක් නැතිව කිසි දියුනුවක් ලබන්ට වෙන්නේ නෑ




මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share:

Sunday, December 21, 2014

KNOCK CODE (සිංහලෙන්)

KNOCK CODE




හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දැන්මේ නෑ හැබැයි අදින් පස්සේනම් දිගට හරහට පෝස්ට් දානවා මොකද කිසිම ලාබයක් ඇති නිසා නෙවෙයි ආත්ම තෘප්තිය නිසා ගොඩක් දුක තමයි කොයිතරම් විසිටර්ස්ලා හිටියත් කමන්ට් එකයි දෙකයි එතකොට පොඩ්ඩක් අවුල් යනවා ඒ උනාට මම දන්න දේවල් මම වසට ගියත් කොයි රටකට ගියත් මොන දේකලත් බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියනවා මම ඒක අද හිතා ගත්තා දැන් කතාව ඇති අද පෝස්ට් එක නම් පට්ටම ගති නිතර දෙවේලේ අත ගෑවෙන දෙයක් ගැන හරියටම කියලා දෙන්ට යන්නේ Xposed කියව්වහම කවුද නොදන්නේ මේකත් ඇවිත් Xposed මොඩුයුලයක්
KNOCK CODE ගැන කියනවානම් LG ස්මාර්ට් ෆෝන්වලට හදුන්වා දුන්න ලොක් ස්ටයිල් එකක් මේක පැටන් ලොක් වලට වඩා වෙනස් මේකෙත් පැටන් එකකට තමයි හැබයි ලොක් එක අරින්ට තියෙන්නේ ඒ කියන්නේ මේකේ කො‍ටු හතරක් තියෙනවා ඒ කො‍ටු හතර යොදාගෙන ඕනම පැටක් එකක් හදා ගන්ට පුලුවම් තවත් වටිනා වාසියක් තමයි පැටන් ලොක් එකේ පැටන් එක ගහගෙන යන වේලාවට වැරදුනොත් ආය හදාගන්ට බෑ  මේකේ එහෙම නෑ එක කො‍ටුවක් ටච් කරගෙන හිටියම ආයෙ  රීසෙට් වෙනවා ඒ කීවේ ආපහු ට්‍රයි කරන්ට පුලුවම් පැටන් ලොක් එකට වඩානම් සුප්පා KNOCK CODE ඇප් එක ඕනම ඇන්ඩ්‍රොයිඩ් 4.2+ ඩිවයිස් සදහා ගැලෙපෙනවා තාම Xposed දාගෙන නැති අය පහල ලින්ක් එකෙන් Xposed ඉන්ස්ටෝල් කර ගන්න ඒකරලා දීලා තියෙන මොඩියුලය ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු










DOWNLOAD

(KNOCK CODE)





1.හරි දැන් ඔයාලා Xposed ඉන්ස්ටෝල් කරගෙන KNOCK CODE මොඩුයුලයත් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි දැන් මුලින්ම Xposed ඔපන් කරගන්ට ඒ කරලා Modules කියන එකට ගිහිල්ලා Knock Code ඇප් එක ඉස්සරහා තියෙන ටික එක දාලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාන්ට







2.හරි දැන් මෙහෙමයි KNOCK CODE ලොක් එක යූස් කරන්ටනම් ඔයාලාගේ ලොක් ස්ටයිල් එක Pattern විදිහට තියෙන්ට ඕනේ නැතිනම් KNOCK CODE වැඩ කරන්නේ නෑ ඒක නිසා මුලින්ම Settings වලට ගිහිල්ලා Security වල  Screen Lock එක Pattern විදිහට වෙනස් කරන්ට ඕනේ ඒකට ඔයාලාට ලේසී  Pattern එකක් දාගන්ට





3.දැන් KNOCK CODE ඇප් එක ඕපන් කරගෙන Change Knock Code කියන එකට ගිහිල්ලා ඔයාලා කැමති Code එකක් දාගන්ට පුලුවම් ඔයාලා කැමති ලේසි එකක් දාගන්ට 






4.දැන් ඉතිම් වැඩේ කරලා ඉවරයි දැන් තියෙන්නේ ෆෝන් එක රී බූට් කරන එක විතරයි එතකොට ඔයාලට අලුත් අත් දැකීමක් වෙන KNOCK CODE පහසු කම ලබා ගන්ට පුලුවම් ටිකක් විතර අමුත්යි ඒ උනාට පට්ට ඔයාලා Code එක ගහගෙන යනකොට වරදුනොත් එක කො‍ටුවක් ටච් කරගෙන ඉන්ට එතකොට ඔයලා ගහපු Code එක ක්ලියර් වෙනවා ආපහු ගහන්ට පුලුවම් ඒ පහසුකම KNOCK CODE වල තියෙනවා ටිකක් අත පත ගානකොට ඕක තේරයි





ඔන්න ඔයාලට අද ගොඩ දවසකිම් පෝස්ට් එකක් ගෙනවා කැමැත්තක් තියේනම් කමන්ට් එකක් දාලා යන්ට මම පෝස්ට් එකක් දැන්මොත් අඩුපාඩු තියෙන්නේ නෑ ඒක දන්න අය දන්නවා හෙට අනින්දා තව හොද පෝස්ට් ටිකක් දාන්නම් එහෙනම් ජය




මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

Sunday, November 30, 2014

Sl apk Tool (හදුන්වා දීම)

Sl apk Tool (හදුන්වා දීම)



ඔන්න ගොඩ දවස්ක් බලාගෙන ඉදලා මේ පෝස්ට් එක දාන්ට යන්නේ  හොදට කියවලා බලලා වැඩේ කරන්ට ඕනේ හොදේ හරිම සිම්පල් අලුත් අප්ඩේට් එකත් එක්කමයි මේක කියන්ට යන්නේ අපි දකිනවා රොම් වල තියෙනවා මොඩ් කරපු Systemui මැසේජ් ඇප් අනම් මනම් ඇප් අන්න ඒ වගේ අපිටම කියලා අපි කැමති විදිහට ඇප් එකක් මොඩ් කරන්ට පුලුවම් මේකේන් ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැබැයි ඉතිම් ටිකක් කල්පනා කරන්ට ඕනේ පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්ට ඕනේ මේකත් එක්කම ඉන්නකොට නිකන්ම ඇගට එනවා කරන්ට ඕන කරන දේවල් ටික මම පොඩි මොඩ් පාරක් දාලා කියලා දෙන්නම් කරන්නේ කොහොමද කියලා මුලින්ම SL APK TOOL වල තියෙන බටන් වලින් කරන දේවල් ටික බලා ගමු මම මුලින්ම වැදගත් ටික විතරක් කියලා දෙන්නම් එහෙනම් මුලින්ම පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට sl apk tool එක

DOWNLOAD



1.Apk tool 1.5.2 මෙමගින් පුලුවම් ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා සහයෝගය දක්වන apk සාර්තකව එඩිට් කරගන්ට මේ ඒක නිසා ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා ඇති apk සදහා Apktool 1.5.0 යොදාගන්ට

==========================================


2.Apk tool 2.0.rc2 මෙමගින් ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් ඒ කියන්නේ 4.4.4 දක්වා ඇති ඕනම apk එකක් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

==========================================

3.Installing Multiple Frameworks ගොඩක්ම වැදගත් අපි System apk එකක් මොඩ් කරනවානම් අදාලා frameworks මුලින්ම පරිගනකයට Install කරගත යුතුය එහෙම frameworks ඉන්ස්ටෝල් කිරීම මගින් පහසුවෙන් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

* framework-res.apk (All Android)
* com.htc.resources.apk (HTC Only)
* mediatek-res.apk (mediatek Android Only)
* SemcGenericUxpRes.apk (Sony Xpiria Only)
* twframework-res.apk (Samsung Android Only)

* SystemUI.apk (All Android)

==========================================

4.Color Pic මගින් පහසුවෙන් අප්ට ඕන කරන කලර් කෝඩ් සොයා ගැනීමට හැක

==========================================

5.SL APK Installer මගින් මොඩ් කරගන්නා APK WIFI මාර්ගයෙන් ෆෝන් එකට Install කරගැනීමට හැක මේ සදහා WIFI හෝ  Data Cable යන දෙවිදිහෙන්ම Install කරගැනීමට හැක

==========================================

6.Need Software තුල ඇති සියලුම සොෆ්ට්වෙයා SL APK TOOL වලින් වැඩ කරගැනීමට උවමනා වෙනවා SL APK TOOL Install කරගත්ත ගමන් කලයුත්තේ Need Software තුල තිබෙන Software හා එහි ඇති ෆෝන්ට් ටික Install කර ගැනීමයි

==========================================

7.Clean APK Tool මගින් මෙම සොෆ්ට්වෙයා එක බාවිතා කරන වෙලාවට බැකප් වෙන ඔරිජිනල් APK ෆයිල් හා අනිකුත් ඇක්ටිවිටීස් වල බැකප් ඩිලීට් කරීමට හැක

==========================================

වැඩි කතා ඕන නෑ මේකෙන් වැඩ ගන්න හැටි කොයිතරම් කීවත් පැහැදිලි නෑ ඒකට එකක් කරලම පෙන්වන්ට ඕනේ කියලා හිතව්වා සිම්පල් විදිහට ඇප් එකක නම වෙනස් කරගන්න විදිහ කියලා දෙන්නම් නේම් එක විතරක් නෙවෙයි ඇප් එකක් සම්පූරනයෙන්ම සිංහල උනත් කර ගත හැකි ඒක ඉතිම් ඔයාලා ගේ අතේ තියන දෙයක් හරි මුලින්ම ඔයාලා Sl apk Tool ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා මම හිතනවා හරි මුලින්ම ඔයාලා නම වෙනස් කරග්න්ට යන ඇප් එක ‍තෝරා ගන්ට ඒ කරලා SL APK TOOL ඕපන් කරගන්ට අලුත් ඇප් එකක් මොඩ් කරන්ට යනවානම් APK TOOL 2.0.rc2 ‍තෝරා ගන්ට




ඔන්න මම ‍තෝරා ගත්තේ Gmail App එකේ නම වෙනස් කරගන්ට හරි දැන් ඔයාලා APK TOOL 2.0.rc2  ඕපන්කරගෙන ඉන්නේ දැන් උඩම තියෙන Please Select APK කියන බොත්තම ඕබලා ඔයාලා මොඩ් කරගන්ට යන APK ෆයිල් එක සිලෙක් කරන්ට




හරි දැන් ඔයාලා සිලෙක් කරගත්ත apk ෆයිල් එක Decompiling කරගන්ට ඕනේ ඒකට ඔයාලා Decompiling  යටතේ තියෙන Normal බොත්තම ඔබන්ට ඔය අනිත් බොත්තම් වලිනුත් ගොඩක් ලොකු වැඩකරගන්ට පුලුවම් මම ඒ ගැන පස්සේ කියලා දෙන්නම් Apk ෆයිල් එක Decompiling උනාට පස්සේ ඔයාලා Open Edit Folder බොත්තම ඔබන්ට  එතකොට ඔයාලාගේ Decompiling  apk ෆයිල් එකට අදාල ෆෝල්ඩට් එක ඕපන් වෙයි




ඔයාලා Open Edit Folder බොත්තම එබුවාට පස්සේ එන ෆොල්ඩර් එකේ තියෙනවා res කියලා ෆෝල්ඩර් එකක් res ෆොල්ඩර් එක ඕපන් කරගන්ට.ෆෝල්ඩර් එක ඕපන් කරගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙනවා ෆෝල්ඩර් කැටියක් මේ තියෙන ෆෝල්ඩර් apk එකෙන් එකට වෙනස් වෙනවා හැම එකක්ම නෙවෙයි සමහර් විතරයි. දැන් ඔයාලා res ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන Values ෆෝල්ඩට් එක ඕපන් කරගන්ට  Values  ෆෝල්ඩර් එක ඇතුලේ ඇති String.xml ෆයිල් එකක් ඒක Notpad++ වලින් ඕපන් කරගන්ට Notpad++ වලින් ඕපන් කරගන්න එක ඔයාලට වැඩ කරගන්ට ලේසී





හරි දැන් ඔයාලා String.xml  ෆයිල් එක Notpad++ වලින් ඕපන් කරගෙන ඉන්නේ String.xml  ඇතුලේ තියෙන්නේ App එකට අදාල සියලුම වචන් ටික හොදින් බලන්ට තියෙනවා app_name කියලා ඒක ඉස්සරහෛ තියනවා ඔයාලා මොඩ් කරන ඇප් එකට අදාල නම ඔයාලා ඇප් එකේ නම විතරක් වෙනස් කරන්ට ඕනේ වෙන මොකවත් එපා

උදා හරණ :

වෙනස් කිරීමට පෙර

<string name="app_name">Gmail</string>

වෙනස් කිරීමට පසු

<string name="app_name">ජී මේල්</string>

මම හිතනවා පැහැදිලි ඇති කියලා දැන් මතක් කරලා සේව් කරන්ට මොක කලත් සේව් කරන්ට අමතක කරන්ට එපා





හරි ඔයාලා කැමති නමක් දාලා ඉවර වෙලා සේව් කරගෙන ඉවරයි දැන් Notpad++ වලින් අයින් වෙන්ට ඒ වගෙම සියලුම ඕපන් කරලා තියෙන ෆෝල්ඩර් ක්ලෝස් කරන්ට සියලුම ඒවා කියව්වේ Apk Tool එකට අදාල සියල්ලම ඕපන් කරලා තියෙන ෆෝල්ඩට් ක්ලෝස් කරන්ට ඒ කරලා Build MOD APK බොත්තම ඕබන්ට වැඩේ වෙලා ඉවර උනාම  Bilding Apk FIle.. කියලා වැටෙයි සියල්ලම වෙලා ඉවර උනාට පස්සේ Your MOD APK :) බොත්තම ඔබලා ඔයාලා මොඩ් කරගත්ත APK  ෆයිල් එක ගන්ට පුලුවම්







ඔන්න මම හිතනවා SL APK TOOL වලින් වැඩ කරගන්නා විදිහ ගැන පොඩි දැනුමක් ඔයාලාට එන්ට ඇති මම දිගටම එක එක MOD කිරිලි ගැන පෝස්ට් දන්නම් ලස්සන ලස්සන SystemUI එහෙම ලස්සනට ෆොන් එක තියාගන්න විදිහ වගේ බර ගානක් පෝස්ට් මගෙ ලග තියෙනවා එහෙනම් මම අදට ගිහිලා එන්නම් හිතේ තියෙන දදෙයක්කමන්ට් කරලා යන්ට බල කිරීමක් නෑ එහෙනම් ජය!!!!

100% DroidLanka Post


මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share: