Sunday, December 21, 2014

KNOCK CODE (සිංහලෙන්)

KNOCK CODE




හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දැන්මේ නෑ හැබැයි අදින් පස්සේනම් දිගට හරහට පෝස්ට් දානවා මොකද කිසිම ලාබයක් ඇති නිසා නෙවෙයි ආත්ම තෘප්තිය නිසා ගොඩක් දුක තමයි කොයිතරම් විසිටර්ස්ලා හිටියත් කමන්ට් එකයි දෙකයි එතකොට පොඩ්ඩක් අවුල් යනවා ඒ උනාට මම දන්න දේවල් මම වසට ගියත් කොයි රටකට ගියත් මොන දේකලත් බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියනවා මම ඒක අද හිතා ගත්තා දැන් කතාව ඇති අද පෝස්ට් එක නම් පට්ටම ගති නිතර දෙවේලේ අත ගෑවෙන දෙයක් ගැන හරියටම කියලා දෙන්ට යන්නේ Xposed කියව්වහම කවුද නොදන්නේ මේකත් ඇවිත් Xposed මොඩුයුලයක්
KNOCK CODE ගැන කියනවානම් LG ස්මාර්ට් ෆෝන්වලට හදුන්වා දුන්න ලොක් ස්ටයිල් එකක් මේක පැටන් ලොක් වලට වඩා වෙනස් මේකෙත් පැටන් එකකට තමයි හැබයි ලොක් එක අරින්ට තියෙන්නේ ඒ කියන්නේ මේකේ කො‍ටු හතරක් තියෙනවා ඒ කො‍ටු හතර යොදාගෙන ඕනම පැටක් එකක් හදා ගන්ට පුලුවම් තවත් වටිනා වාසියක් තමයි පැටන් ලොක් එකේ පැටන් එක ගහගෙන යන වේලාවට වැරදුනොත් ආය හදාගන්ට බෑ  මේකේ එහෙම නෑ එක කො‍ටුවක් ටච් කරගෙන හිටියම ආයෙ  රීසෙට් වෙනවා ඒ කීවේ ආපහු ට්‍රයි කරන්ට පුලුවම් පැටන් ලොක් එකට වඩානම් සුප්පා KNOCK CODE ඇප් එක ඕනම ඇන්ඩ්‍රොයිඩ් 4.2+ ඩිවයිස් සදහා ගැලෙපෙනවා තාම Xposed දාගෙන නැති අය පහල ලින්ක් එකෙන් Xposed ඉන්ස්ටෝල් කර ගන්න ඒකරලා දීලා තියෙන මොඩියුලය ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු










DOWNLOAD

(KNOCK CODE)





1.හරි දැන් ඔයාලා Xposed ඉන්ස්ටෝල් කරගෙන KNOCK CODE මොඩුයුලයත් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි දැන් මුලින්ම Xposed ඔපන් කරගන්ට ඒ කරලා Modules කියන එකට ගිහිල්ලා Knock Code ඇප් එක ඉස්සරහා තියෙන ටික එක දාලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාන්ට







2.හරි දැන් මෙහෙමයි KNOCK CODE ලොක් එක යූස් කරන්ටනම් ඔයාලාගේ ලොක් ස්ටයිල් එක Pattern විදිහට තියෙන්ට ඕනේ නැතිනම් KNOCK CODE වැඩ කරන්නේ නෑ ඒක නිසා මුලින්ම Settings වලට ගිහිල්ලා Security වල  Screen Lock එක Pattern විදිහට වෙනස් කරන්ට ඕනේ ඒකට ඔයාලාට ලේසී  Pattern එකක් දාගන්ට





3.දැන් KNOCK CODE ඇප් එක ඕපන් කරගෙන Change Knock Code කියන එකට ගිහිල්ලා ඔයාලා කැමති Code එකක් දාගන්ට පුලුවම් ඔයාලා කැමති ලේසි එකක් දාගන්ට 






4.දැන් ඉතිම් වැඩේ කරලා ඉවරයි දැන් තියෙන්නේ ෆෝන් එක රී බූට් කරන එක විතරයි එතකොට ඔයාලට අලුත් අත් දැකීමක් වෙන KNOCK CODE පහසු කම ලබා ගන්ට පුලුවම් ටිකක් විතර අමුත්යි ඒ උනාට පට්ට ඔයාලා Code එක ගහගෙන යනකොට වරදුනොත් එක කො‍ටුවක් ටච් කරගෙන ඉන්ට එතකොට ඔයලා ගහපු Code එක ක්ලියර් වෙනවා ආපහු ගහන්ට පුලුවම් ඒ පහසුකම KNOCK CODE වල තියෙනවා ටිකක් අත පත ගානකොට ඕක තේරයි





ඔන්න ඔයාලට අද ගොඩ දවසකිම් පෝස්ට් එකක් ගෙනවා කැමැත්තක් තියේනම් කමන්ට් එකක් දාලා යන්ට මම පෝස්ට් එකක් දැන්මොත් අඩුපාඩු තියෙන්නේ නෑ ඒක දන්න අය දන්නවා හෙට අනින්දා තව හොද පෝස්ට් ටිකක් දාන්නම් එහෙනම් ජය




මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

Sunday, November 30, 2014

Sl apk Tool (හදුන්වා දීම)

Sl apk Tool (හදුන්වා දීම)



ඔන්න ගොඩ දවස්ක් බලාගෙන ඉදලා මේ පෝස්ට් එක දාන්ට යන්නේ  හොදට කියවලා බලලා වැඩේ කරන්ට ඕනේ හොදේ හරිම සිම්පල් අලුත් අප්ඩේට් එකත් එක්කමයි මේක කියන්ට යන්නේ අපි දකිනවා රොම් වල තියෙනවා මොඩ් කරපු Systemui මැසේජ් ඇප් අනම් මනම් ඇප් අන්න ඒ වගේ අපිටම කියලා අපි කැමති විදිහට ඇප් එකක් මොඩ් කරන්ට පුලුවම් මේකේන් ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැබැයි ඉතිම් ටිකක් කල්පනා කරන්ට ඕනේ පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්ට ඕනේ මේකත් එක්කම ඉන්නකොට නිකන්ම ඇගට එනවා කරන්ට ඕන කරන දේවල් ටික මම පොඩි මොඩ් පාරක් දාලා කියලා දෙන්නම් කරන්නේ කොහොමද කියලා මුලින්ම SL APK TOOL වල තියෙන බටන් වලින් කරන දේවල් ටික බලා ගමු මම මුලින්ම වැදගත් ටික විතරක් කියලා දෙන්නම් එහෙනම් මුලින්ම පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට sl apk tool එක

DOWNLOAD



1.Apk tool 1.5.2 මෙමගින් පුලුවම් ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා සහයෝගය දක්වන apk සාර්තකව එඩිට් කරගන්ට මේ ඒක නිසා ඇන්ඩ්‍රොඉඩ් 2.0 සිට 4.0 දක්වා ඇති apk සදහා Apktool 1.5.0 යොදාගන්ට

==========================================


2.Apk tool 2.0.rc2 මෙමගින් ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් ඒ කියන්නේ 4.4.4 දක්වා ඇති ඕනම apk එකක් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

==========================================

3.Installing Multiple Frameworks ගොඩක්ම වැදගත් අපි System apk එකක් මොඩ් කරනවානම් අදාලා frameworks මුලින්ම පරිගනකයට Install කරගත යුතුය එහෙම frameworks ඉන්ස්ටෝල් කිරීම මගින් පහසුවෙන් මොඩ් කර ගැනීමට හැකියාව ඇත

* framework-res.apk (All Android)
* com.htc.resources.apk (HTC Only)
* mediatek-res.apk (mediatek Android Only)
* SemcGenericUxpRes.apk (Sony Xpiria Only)
* twframework-res.apk (Samsung Android Only)

* SystemUI.apk (All Android)

==========================================

4.Color Pic මගින් පහසුවෙන් අප්ට ඕන කරන කලර් කෝඩ් සොයා ගැනීමට හැක

==========================================

5.SL APK Installer මගින් මොඩ් කරගන්නා APK WIFI මාර්ගයෙන් ෆෝන් එකට Install කරගැනීමට හැක මේ සදහා WIFI හෝ  Data Cable යන දෙවිදිහෙන්ම Install කරගැනීමට හැක

==========================================

6.Need Software තුල ඇති සියලුම සොෆ්ට්වෙයා SL APK TOOL වලින් වැඩ කරගැනීමට උවමනා වෙනවා SL APK TOOL Install කරගත්ත ගමන් කලයුත්තේ Need Software තුල තිබෙන Software හා එහි ඇති ෆෝන්ට් ටික Install කර ගැනීමයි

==========================================

7.Clean APK Tool මගින් මෙම සොෆ්ට්වෙයා එක බාවිතා කරන වෙලාවට බැකප් වෙන ඔරිජිනල් APK ෆයිල් හා අනිකුත් ඇක්ටිවිටීස් වල බැකප් ඩිලීට් කරීමට හැක

==========================================

වැඩි කතා ඕන නෑ මේකෙන් වැඩ ගන්න හැටි කොයිතරම් කීවත් පැහැදිලි නෑ ඒකට එකක් කරලම පෙන්වන්ට ඕනේ කියලා හිතව්වා සිම්පල් විදිහට ඇප් එකක නම වෙනස් කරගන්න විදිහ කියලා දෙන්නම් නේම් එක විතරක් නෙවෙයි ඇප් එකක් සම්පූරනයෙන්ම සිංහල උනත් කර ගත හැකි ඒක ඉතිම් ඔයාලා ගේ අතේ තියන දෙයක් හරි මුලින්ම ඔයාලා Sl apk Tool ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා මම හිතනවා හරි මුලින්ම ඔයාලා නම වෙනස් කරග්න්ට යන ඇප් එක ‍තෝරා ගන්ට ඒ කරලා SL APK TOOL ඕපන් කරගන්ට අලුත් ඇප් එකක් මොඩ් කරන්ට යනවානම් APK TOOL 2.0.rc2 ‍තෝරා ගන්ට




ඔන්න මම ‍තෝරා ගත්තේ Gmail App එකේ නම වෙනස් කරගන්ට හරි දැන් ඔයාලා APK TOOL 2.0.rc2  ඕපන්කරගෙන ඉන්නේ දැන් උඩම තියෙන Please Select APK කියන බොත්තම ඕබලා ඔයාලා මොඩ් කරගන්ට යන APK ෆයිල් එක සිලෙක් කරන්ට




හරි දැන් ඔයාලා සිලෙක් කරගත්ත apk ෆයිල් එක Decompiling කරගන්ට ඕනේ ඒකට ඔයාලා Decompiling  යටතේ තියෙන Normal බොත්තම ඔබන්ට ඔය අනිත් බොත්තම් වලිනුත් ගොඩක් ලොකු වැඩකරගන්ට පුලුවම් මම ඒ ගැන පස්සේ කියලා දෙන්නම් Apk ෆයිල් එක Decompiling උනාට පස්සේ ඔයාලා Open Edit Folder බොත්තම ඔබන්ට  එතකොට ඔයාලාගේ Decompiling  apk ෆයිල් එකට අදාල ෆෝල්ඩට් එක ඕපන් වෙයි




ඔයාලා Open Edit Folder බොත්තම එබුවාට පස්සේ එන ෆොල්ඩර් එකේ තියෙනවා res කියලා ෆෝල්ඩර් එකක් res ෆොල්ඩර් එක ඕපන් කරගන්ට.ෆෝල්ඩර් එක ඕපන් කරගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙනවා ෆෝල්ඩර් කැටියක් මේ තියෙන ෆෝල්ඩර් apk එකෙන් එකට වෙනස් වෙනවා හැම එකක්ම නෙවෙයි සමහර් විතරයි. දැන් ඔයාලා res ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන Values ෆෝල්ඩට් එක ඕපන් කරගන්ට  Values  ෆෝල්ඩර් එක ඇතුලේ ඇති String.xml ෆයිල් එකක් ඒක Notpad++ වලින් ඕපන් කරගන්ට Notpad++ වලින් ඕපන් කරගන්න එක ඔයාලට වැඩ කරගන්ට ලේසී





හරි දැන් ඔයාලා String.xml  ෆයිල් එක Notpad++ වලින් ඕපන් කරගෙන ඉන්නේ String.xml  ඇතුලේ තියෙන්නේ App එකට අදාල සියලුම වචන් ටික හොදින් බලන්ට තියෙනවා app_name කියලා ඒක ඉස්සරහෛ තියනවා ඔයාලා මොඩ් කරන ඇප් එකට අදාල නම ඔයාලා ඇප් එකේ නම විතරක් වෙනස් කරන්ට ඕනේ වෙන මොකවත් එපා

උදා හරණ :

වෙනස් කිරීමට පෙර

<string name="app_name">Gmail</string>

වෙනස් කිරීමට පසු

<string name="app_name">ජී මේල්</string>

මම හිතනවා පැහැදිලි ඇති කියලා දැන් මතක් කරලා සේව් කරන්ට මොක කලත් සේව් කරන්ට අමතක කරන්ට එපා





හරි ඔයාලා කැමති නමක් දාලා ඉවර වෙලා සේව් කරගෙන ඉවරයි දැන් Notpad++ වලින් අයින් වෙන්ට ඒ වගෙම සියලුම ඕපන් කරලා තියෙන ෆෝල්ඩර් ක්ලෝස් කරන්ට සියලුම ඒවා කියව්වේ Apk Tool එකට අදාල සියල්ලම ඕපන් කරලා තියෙන ෆෝල්ඩට් ක්ලෝස් කරන්ට ඒ කරලා Build MOD APK බොත්තම ඕබන්ට වැඩේ වෙලා ඉවර උනාම  Bilding Apk FIle.. කියලා වැටෙයි සියල්ලම වෙලා ඉවර උනාට පස්සේ Your MOD APK :) බොත්තම ඔබලා ඔයාලා මොඩ් කරගත්ත APK  ෆයිල් එක ගන්ට පුලුවම්







ඔන්න මම හිතනවා SL APK TOOL වලින් වැඩ කරගන්නා විදිහ ගැන පොඩි දැනුමක් ඔයාලාට එන්ට ඇති මම දිගටම එක එක MOD කිරිලි ගැන පෝස්ට් දන්නම් ලස්සන ලස්සන SystemUI එහෙම ලස්සනට ෆොන් එක තියාගන්න විදිහ වගේ බර ගානක් පෝස්ට් මගෙ ලග තියෙනවා එහෙනම් මම අදට ගිහිලා එන්නම් හිතේ තියෙන දදෙයක්කමන්ට් කරලා යන්ට බල කිරීමක් නෑ එහෙනම් ජය!!!!

100% DroidLanka Post


මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share:

Saturday, September 20, 2014

SL Apk Installer (සිංහලෙන්)

SL Apk Installer 


හායි බ්ලොග් එකේ පොඩි වෙනසකුත් කරලා පෝස්ට් එකක් දාන්ටයි යන්නේ කලිම් පාරට වඩා ගොඩක් සිම්පල් විදිහට තමයි බ්ලොග තියෙන්නේ  ඕන කෙනෙක්ට සට සට ගාලා හොයාගන්ට පුලුවම් එහෙන් මෙහෙන් ඇඩ් නෑ අනික තියෙන හැම ඩවුන්ලෝඩ් එකක්ම මම අප්ලෝඩ් කරපුවා ඒවා යෙන් වැඩක් නෑ අද කියන්ට යන්නේ මම ම හදපු සිම්පල් සොෆ්ට්වෙයා එකක් මේ ගැන කියනවානම් ෆෝන් එකට ඩේටා කේබන් එක ගහලා කොම්පුටර් එකේ තියෙන apk ඉන්ස්ටෝල් කරගන්ට පුලුවම් සට සට සට ගාලා හරිම පහසුයි මේක මුලින්ම හැදුවේ මගේ ප්‍රයෝජනයට මොකද කස්ටමර් රොම් එකක් එහෙම ගහපුවහම එකෙන් එක ඇප් ඉන්ස්ටෝල් කරන්ට ඕනේ එහෙම කරන්ට ඉතිම් මුලින් ඇප් ටික ෆෝන් එකට කොපි කරල එකෙන් එක ඔබ ඔබ ඉන්ස්ටෝල් කරන්ට එපයෑ මේකේ එහෙම නෑ කරන්ට තියෙන්නේ ෆෝන් එකේ USB DEBUGGING ඔන් කරලා ඩේටා කේබල් එක ගහලා ෆෝන් එක පැත්තකිම් තියලා ඕන ඇප් ටික කොම්පුටර් එකෙන් සිලෙක් කරලා ඉන්ස්ටෝල් දෙන්ටයි හරිම සිම්පල් ඈ මුලින්ම පහලින් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්ට


DOWNLOAD 



1.හරි දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි මේක ඉන්ස්ටෝල් කර කර ඉන්ට දෙයක් නෑ නිකන්ම ඕපන් කරන්ට පුලුවම් ඩබල් ක්ලික් කරපු ගමන් වැඩේ ගොඩ මුලින්ම ඇප් එක ඕපන් කරගන්ට ඕපන් කලහාම උඩම තියෙනව Install ADB For Windows කියලා ඔන්න ඒක ක්ලික් කරන්ට අපි මුලින්ම ADB ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්ට ඕනේ USB DEBUGGING ඔන් කරලා ෆෝන් එකත් කනෙක්ට් කරන්ට Install ADB For Windows ඕපන් කලහම ඔන් වෙයි අලුත් වින්ඩොව් එකක් ඒක මම පහල දාලාතියෙන විදිහට කරන්ට මේවැඩේ කරන්නේ එකම එකපාරයි ඊට පස්සේ අය ඕන නෑ 




  Install ADB For Windows කියන එක මුලින්ම ඕපන් කරන්ට








want to install ADB and Fastboot? (Y/N)  Y ඔබලා එන්ටර් කරන්ට




Install ADB system-wide? (Y/N) Y ඔබලා එන්ටර් කරන්ට




want to install device drivers? (Y/N) Y ඔබලා එන්ටර් කරන්ට



හරි දැන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්ට අහයි නෝමල් විදිහට ඒක ඉන්ස්ටෝල් කරන්ට




හරි දැන් ඔයාලාගේ කොම්පුටර් එකට සාර්තකව ADB ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි අය කොම්පුටර් එක ෆෝමැට් කලොත් ඇරෙන්ට ඉන්ස්ටෝල් කරන්ට ඕනේ නෑ ඉතුරු ටික ඉතිම් සිම්පල්


2.ADB ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඉවර උනාම ආපහු APK Install මෙනු එකට වැටෙයි දැන් ඒකේ තියෙනවා BrowseFiles APK File කියලා අන්න ඒක ක්ලික් කරලා ඔයාලාට ඕන කරන apk ෆයිල් එක සිලෙක් කරලා එන්ටර් කරන්ට බොහෝම පොඩිවෙලාවකිම් APK එක ඉන්ස්ටෝල් වෙලා Success කියලා වැටෙයි






මේක මම මුලින්ම හැදුවේ මගේ ප්‍රයොජනයට අනිත් අයටත් වැදගත් වෙන නිසා තමයි මම මේක දැන්මේ ඇත්තටම සිම්පල් ඇප් එකක් මම මේපෝස්ට් එක ලියන ගමන් මතක් උන දෙයක් තමයි මෙවිදිහටම WIFI හරහා ඇප් ඉන්ස්ටෝල් කරන්ට පුලුවම් කියලා ඊලග අප්ඩේට් එකේ ඒකත් එක්කම ඇඩ් කරලා දෙන්නම් එහෙනම් මේක ටෙස්ට් කරලා බලලා හොද නරක කියන්ට ජය


100% DroidLanka Post

ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  දැන ගන්       





PLS. REPORT ANY ERROR

100% DroidLanka Post
Share: