Sunday, April 20, 2014

Init.d (සිංහලෙන්)

Init.d (සිංහලෙන්)




***ඇන්ඩ්‍රොයිඩ් 4.2 සහ 4.3 සදහා මෙය නොගැලපේ***

***ROOT කරලා busybox ඉන්ස්ටෝල් කර තිබිය යුතුය***

***CWM RECOVERY තිබිය යුතුය***

***අවදානම තමා සතුවේ***


හායි අදනම් ආවේ ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්ට මුලින්ම කියන්ට ඕනේ මේවගේ දේවල් කරන්ට කලිම් බැකප් එකක් එහෙම දාගෙන වැඩේට බහින්ට ඕන අනික මම කීව පලියට නැතිව තමන්ට උවමනාවක් තියනවානම් විතරක් කරලා බලන්ට මොකක්ද Init.d කියන්නේ කියලා කීවොත් එක එක tweaks තමයි init.d වලින් කරන්ට පුලුවම් අනික අපිට ඕන විදිහට අපේ ෆෝන් එක මැනේජ් කරගන්ට පුලුවම් ඒ කියන්නේ අපිට ඕන විදිහට ටිකක් කියනවානම්

Battery life tweaks
kernel tweaks
CPU tweaks
Filesystem tweaks
Net Speed tweaks
battery calibration tweak

වගේ ගොඩක් දේවල් තියනවා කරන්ට මේක කරන්ට හරිම ලේසී මේකේ තියෙන්නේ SCRIPTS ඒවා අපිට ඕන විදිහට වෙනස් කරගන්ට පවා පහසුකම් තියනවා මුලින්ම init.d අපේ ෆෝන් එකට වැඩ කරන විදිහට හදාගන්ට ඕනේ ඒ හදාගන්න විදිහ තමයි මම කියන්ට යන්නේ මම init.d scripts වල ලින්ක් ටිකක් දාන්නම් ඔයාලාට ගැලපෙන එක දාගන්ට හොදට කියවලා බලලා වැඩේ කරන්ට මුලින්ම බලමු init.d අපේ ෆෝන් එකට එනබල් කරගන්න විදිහ මම පහල දාලා තියන ලින්ක් එකෙන් ඕන කරන දේවල් ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD


හරි මුලින්ම කරන්ට තියෙන්නේ Universal Init.d කියන මම දීලා තියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්ට ඒකරලා  Root Explorer ඕපන් කරලා

SYSTEM > ETC>INIT.D කියන එකේ Permissions rwxrwxrwx විදිහට වෙනස් කරන්ට

(INIT.D කියලා ෆෝල්ඩර් එකක් නැතිනම් අලුතිම් ක්‍රියෙට් කර permissions වෙනස් කරන්ට)









දැන් කරන්ට තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු test_initd.zip එක්ස්ට්‍රැක් කරලා ඒක ඇතුලේ තියන 00test කියන ෆයිල් එක්ට 

SYSTEM > ETC>INIT.D  කියන ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරලා

00test කියන ෆයිල් එකේ Permissions rwxrwxrwx විදිහට වෙනස් කරන්ට






හරි දැන් ඒ වැඩෙත් ඉවරයි දැන් කරන්ට තියෙන්නේ Universal Init.d  ඇප් එක ඕපන් කරලා  උඩම තියනවා

Enjoy automatic execution of scripts at each boot with any kernel  කියලා 

එතන තියන එක ON කරන්ට ඒ 

කරලා ෆෝන් එක රීබූට් කරලා ඉවර වෙලා ආපහු Universal Init.d  ඇප් එක ඕපන් කරලා යටම තියන 

Test කියන බටන් එක ඔබන්ට වැඩේ හරියට වෙලානම්

Your kernel has init.d Support

කියලා වැටෙයි









වැඩේ හරියටම වෙලාද කියලා බලන්ටනම් කරන්ට තියෙන්නේ

Root Explorer ඕපන් කරලා

Data කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවාද බලන්ටTest.log කියලා ෆයිල් එකක්

එහෙම තියනවානම් සාර්තක විදිහට init.d ඔයාලාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා






හරි දැන් ඔයාලාට කරන්ට තියෙන්නේ init.d කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලට ඕන tweaks scripis දාලා Permissions rwxrwxrwx වෙනස් කරලා ෆෝන් එක රීබූට් කරන්ට විතරමයි ඕන තරම් එහෙම tweaks scripis තියනවා google පාරක් දාලා බැලුවානම් අනික Universal Init.d  ඇප් එක ඕපන් කලාම අපි දාලා තියන  tweaks scripis ඔක්කම පෙන්නනවා ඕන එකක් සිලෙක් කරලා එඩිට් කරන්ට පුලුවම් අපිට




INIT. SCRIPTS   LINK







හරි මම කියනට ඕනේ scripis එඩිට් කරන්ට තරමක් ඒ ගැන දැනුමක් තිබිය යුතුය ඒ නිසා එහෙම කරන්ට යනවානම් පොඩ්ඩක් හොයලා බලන්ට හැබැයි ලොකු දෙයක් කරගන්ට පුලුවම් වැඩක්  මොන දේ තිබුනත් වැඩක් නෑ ෆෝන් එකේ බැටරි බහිනවානම් ඒ වේලාවට අපි නිකන්ම මේකට පෙලබ වෙනවා මොක කරන්ටත් CWM  වලින් බැකප් එකක් දාගෙන ඉන්ට මොක උනත් වරදින්නේ නෑ කියලානම් සුවර් මම දීලා තියන ලින්ක් වලින් ඔයාලාට ගැලපෙන හොදයි කියලා හිතෙන ඒවා දාගන්ට මතක් කරලා පර්මිසන් වෙනස් කරන්ට නැතිනම් ගූගල් වලිම් සෙවුම් කරන හොයාගන්ට පුලුවම් වෙයි 


මගේ ෆෝන් එකෙනම් ගොඩක් වෙනස් කම් කරගන්ට පුලුවම් උනා මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාලා තියෙනවා බලන්ටකෝ





ඔන්න ඔයවගේ ප්‍රති පල තමයි මට හම්බ උනේ මම ගොඩක්ම කැමති මගේ ෆෝන් එකේ බැටරිය වෙනදාට වඩා මම ගැන හිතන නිසා අන්තිමට කියන්ට කැමතී ගොඩක් කර් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ජීවත් උනානම් මේක කරන්ට තාම ඉපදුන ගමන්නම් මීට කලිම් ගොඩක් දේවල් කරන්ට තියනවානේ එහෙනම් ජය වේවා





100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

Tuesday, April 15, 2014

Swapper for Root (සිංහලෙන්)

Swapper for Root (සිංහලෙන්)




හායි හැමෝටම මුලින්ම කියන්ට ඕනේ සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අවුරුද්දට කාලා බීලා ජොලි කලා දැන් ඇති කියලා හිතුන නිසා පෝස්ට් එකක් දාන්ට හිතුනා හැමේටම කියන්ට ඕන කාරනාවක් තමයි මම කාගෙවත් පෝස්ට් කොපි කරන්නේ නෑ අනික හැම දේම මම කරලා බලලයි පෝස්ට් එකක් උනත් දන්නේ ඒක නිසා ෆෝස් බුක් එකට කුනුහරප වපුරලා මැසේජ් එවන්ටනම් එපා මම කාගේ හරි පෝස්ට් එකක් කොපි කරලා තියනවානම් මට ඒ ලින්ක් එවන්ට මම එහෙම කරන කෙනෙක් නෙවෙයි මේකයි සීන් එක ගොඩක් ෆෝන් වල තියන ලොකුම ගැටලුවක් තමයි ‍රැම් එක මදිකම මේ ඇප් එකෙන් පුලුවම් ‍රැම් එක වෙනුවට පොඩි Virtual memory එකක් අපේ ෆෝන් එකේ ඉන්ටනල් මෙමරි එකේ හදන්ට මේකට ගොඩක් ඇප් තියනවා මම මේකම ‍තෝරා ගත්තේ මේක සම්පූර්නයෙන් ‍ෆ්‍රී දෙන ඇප් එකක් අනික වැඩ කරගන්ට ලේසී දුක තමයි මේක හැම  කර්නල්(Kernel) එකටම වැඩ කරන්නේ නෑ kernal එක මොකක්ද කියන එක ගැනනම් මේ පෝස්ට් එකෙන් කියන්ට ගියොත් මට එපා වෙයි ඒක නිසා මේක කරලා ටෙස්ට් කරලා බලන්ට හරිගියේ නැතිනම් පුලුවම් අය කස්ටම්ර් කර්නල් එකක් ෆ්ලෑෂ් කරලා ට්‍රයි කරන්ට නැතිනම් කස්ටම්ර් රොම් එකක් ගහලා ට්‍රයි කරන්ට මේක කරලා ඔයාලා රනින්ග් සර්විස් ගිහිල්ලා ‍රැම් එක වැඩිවෙලා නෑනේ කියලා බලලා මට බනින්ට එහෙම හදන්ට එපා මේක Virtual memory  එකක් ඒක නිසා එහෙම ‍රැම් එක වැඩි එක පේන්නේ නෑ හැමදාම අත පත ගාන ෆෝන් එක නිසා ඔයාලට මේක දැනෙයි එහෙනම් පහල ලින්ක් එකෙන් තියන ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට

DOWNLOAD




1.ඇප් දෙකම ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඔයාලා මුලින්ම Swapper ඇප් එක ඕපන් කරගන්ට Swapper  ඕපන් කරහම උඩමතියන Active Swap on Boot කියන එකට ටික් එක දීලා Swap file Positition කියන තැනට SD Card FAT Partition කියන එක දෙන්ට








2.මෙහෙමයි මම කීවානේ මේක හැම කර්නල් එටම සෙට් වෙන්නේ නෑ කියලා ඒක නිසා මුලින්ම මේක අපේ ෆෝන් එකට වැඩද කියලා බලන්ට ඕන එක කරන්ට ඉතිම් ලොකු Virtual memory එකක් ෆෝන් එකේ හදන්ට ඕන නෑ වැඩද කියලා බලට මුලින්ම 10MB විතර කරලා බලන්ට ඒකට කරන්ට තියෙන්නේ Sawp File size MB කියලා තියන තැනට 10 කියලා දෙන්ට ඒකරලා සේව් කරන්ට ටිකවෙලාවක් යයි Sawp ෆයිල් එකක් හැදෙන්ට රූට් පර්මිෂන් එහෙම අහයි එකත් දෙන්ට වැඩේ ඉවර උනාම (ෆයිල් එක හැදිලා ඉවර උනාම) ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්ට ඒකරලා SD card එකට ගිහිල්ල බලන්ට swap.swp කියලා එකක් හැදිලා ඇති 10MB




3.දැන් තමයි මේක අපේ ෆෝන් එකට හරියටම වැඩද කියලා බල්න්ට පුලුවම් දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපු Terminal Emulator කියන ඇප් එක ඕපන් කරගෙන ඉවර වෙලා මුලින්ම

su

කියලා ටයිප් කරලා කීබෝඩ් එකේ තියන එන්ට එක ඔබන්ට එතකොට රූට් පර්මිෂන් දෙන්ට අහයි රූට් පර්මිෂන් දෙන්ට ඊට පස්සේ

free

කියලා ටයිප් කරලා එන්ට කරන්ට එතකොට හෙන ලිස්ට් එකක් එයි ඒකේ තියනවා SWAP කියලා ඒක ඉස්සරහින් තියනවානම් බින්දුව වැටිලා අපේ කර්නල් එකට හරියන්නේ නෑ 

SWAP කියන එක ඉස්සරහින් ඉලක්කම් ටිකක් වැටිලා තියනවානම් වැඩේ ගොඩ ඔයාලාගේ කර්නල් එකට මේක සෙට් වෙනවා හරියටම

ඉලක්කම් ගොඩක් කීවේ  swap මෙමරි එක තමයි එතන පෙන්නන්නේ යූස් වෙලා තියන ගාන ‍ෆ්‍රී තියන ගාන පෙන්නන්නේ


SWAP වැඩ නැති අයගේ මේ වගේ තමයි තියෙන්නේ


මෙහෙම තියන අයගේ හරියටම වැඩේ වෙලා තියනවා




4.මේටික කියන්නේ මේ ඇප් එක වැඩ නති අයට ඔයාලාට කරන්ට තියෙන්නේ කස්ටමර් කර්නල් එකක් හොයලා ෆ්ලෑෂ් කරන්ට එහෙම කරන්ට කලිම් බලන්ට එකෙත් Swap මෙමරි ෂපෝට් කරනවාද කියලා XDA පැත්තේ සර්ච් කලානම් හොයාගන්ට බැරිකමක් නෑ



5.හරි Swap වැඩ කරන අය මුලින්ම කරන්ට තියෙන්නේ ඉන්ටනල් මෙමරියේ තියන swap.swp  කියන එක ඩිලීට් කරලා දාන්ට මොකද 10MB නේ අපි හදව්වේ 10MB හොදටම මදි අඩුම 512MB වත් තියෙන්ට ඕනේ ඩිලීට් කරලා ඉවර වෙලා ආපහු Swapper ඇප් එක ඕපන් කරලා Swap File Size කියන තැනට 512MB දෙන්ට මතක තියාගන්ට ඕනේ 512mb කියලා නෑ කැමති ගානක් දෙන්ට පුලුවම් මොකක් කරන්ටත් ඉන්ටනල් මෙමරියේ අපි දෙන ගානට ඉඩ තියෙන්ට ඕනේ වැඩ ගානක් දෙන තරමට ෆෝන් එක ස්ටක් වෙන ගතිය අඩුයි ගෝම් එහෙම හොදටම සෙල්ලම් කරන්ට පුලුවම් ඔයාලා දෙන ගාන දීලා  සේව් කරන්ට ලොකු ගානක් දුන්න නිසා ටික වේලාවක් යනවා වැඩේ හරි ගිහාම ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාලා Terminal Emulator  එකෙන් චෙක් කරගන්ට





මම හිතනවා ගොඩක් දෙනාට මෙක වැදගත් වෙයි කියලා වැදගත් උනානම් කමට් එකක් දාලා යන්ට වැඩ නැති අය මම කියපු දේ කරන්ට ඔයාලට ලොකු වෙනසක් දැනෙයි ෆෝන් එක ඇත්තමයි ගොඩක් ස්පීඩ් ලොකු වෙනසක් දැනෙනවා එහෙනම් වැඩේ කරලා බලන්ට





100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share:

Saturday, April 5, 2014

App Settings (සිංහලෙන්)

App Settings


ටික දවසකිම් පෝස්ට් එකක් දාන්ටත් බැරි උනා අද ටිකක් වැඩිපුර නිදාගත්ත නිසා නිදිමතත් නෑ හිතුන පෝස්ට් එකක් දාන්ට හිතේ සතුටට තමයි මේකනම් ගොඩක්ම වැදගත් ඇප් එකක් කීවට වැ‍රැද්දක් නෑ හැමෝටම නෑ නේ ලොකු ඩිස්ප්ලේ තියන ෆෝන් එහෙම නැති අයටනම් ගොඩක්ම වැදගත් අනිත් අයටත් වැදගත් ගොඩක් වැදගත් වෙයි ෆෝන් එකේම ඉන්න අයට ගේම් ගහන අයට වගේ මේ ඇප් එකෙන් වැඩ ගොඩක් ගන්ට පුලුවම් අපි සමහර ඇප් ඕපන් කලහම ඩිස්ප්ලේ එකට වඩා ටිකක් ලොකුයි ඒ කියන්නේ ෆෝන් එකේ රෙසුලේෂන් වලට වඩා වැඩියි අපි දාල තියන ඇප් එක මේක ගොඩක් බලපාන්නේ QVGA රෙසුලේෂන් තියන ෆෝන් වලට මට එහෙම උන නිසා තමයි මම පොඩ්ඩක් හොයලා බැලුවේ . එක්කෝ ඇප් එක හොදටම ෆොන් එකට වැඩ සමහර බටන් ටච් කරන්ට බෑ එක්කේ ඔක්කම වැඩ කරලා OK කරන්ට බෑ ඒ ටික පේන්නේ නෑ මේක හෙන වදයක්නේ ඒකටනම් මේක හොදයි සමහර ගේම් ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරන්ට යනකොට ඩිල්ප්ලේ එකට වඩා හෙන ලොකුවට පේන්නේ ඉතිම් වදේ තව කියනවනම් OPERA MINI වලිම් මොකක් හරි ඩවුන්ලෝඩ් වෙන්ට දාපුවහම ස්ක්‍රීන් එක ඔෆ් උන ගමන් ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා ඉතිම් ස්ක්‍රීන් එක ටච් කර කර ඉන්ට ඕනේ ඒකත් වදේ තව එපා වෙන වැඩ තියනවා ඇන්ඩ්‍රොයිඩ් වලට එන රේසින්ග් ගේම් ඉතිම් ටච් කර කර ගහන්ට තියනවා අඩුයිනේ ෆෝන් එක හරව හරව තමයි ඒ වෙලාවට ස්ක්‍රීන් එක ඔෆ් උන ගමන් ඔන්නම යකා නගිනවා තව කියනවානම් සමහර ඇප් ඕපන් කලාම STATUS BAR එක පෝනවානේ ගොඩක් ඇප් එහෙමයි මේ ඇප් එකෙන් පුලුවම් ඕනම ඇප් එකක් ෆුල් ස්ක්‍රීන් දාන්නත් ෆුල් ස්කීන් තියන ඕනම ඇප් එකක් නෝමල් මොඩි එකට දාන්ටත් තව කියනවානම් මේ ඇප් එකෙන් ගන්ට පුලුවම් වැඩ ඔටෝ රොටේෂන් නැති ඕනම ඇප් එකක ඔටෝ රොටේෂන් ඔන් කරන්ට වගේම ඔටෝ රොටේෂන් තියන ඇප් වල ඔටෝ රොටේෂන් අයින් කරන්ටත් පුලුවම් ෆොන්ට් සයිස් වෙනස් කරන්ට වගේ වැඩත් පුලුවම්. මේ මොක කරන්ටත් ෆෝන් එක රූට් කරලා xposed install කරලා තියෙන්ට ඕන xposed install  කරලා නැති අය පහලින් ලින්ක් එකෙන් ඉන්ස්ටේල් කර ගන්ට ඒ කරලා මේ ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගන්ට.



Xposed Framework ඉන්ස්ටෝල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් වැඩේ කරගන්ට


DOWNLOAD LINK



1.App Settings  ඉන්ස්ටෝල් කරලා ඉවර උන ගමන් ඕපන් කරන්ට එපා මුලින්ම xposed  ඕපන් කරගෙන ඉවර වෙලා MODULES වලට ගිහිල්ලා App Settings  කියන එකට ටික් එක දීලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාගන්ට ඒ කරලා වැඩේට බහිමු





2.දැන් වැඩේ හරි මට ආව මුල්ම ගැටලුව ඔයාලටත් එන්ට ඇති ඒක තමයි ඇප් එකක රෙසුලේෂන් එක වැඩි කරගන්න හැටි මුලින්ම ඇප් සෙටින් ඕපන් කරගන්ට ඔක්කම ඇප් ටික ලෝඩ් වෙනවා මොකක් කරත් කමක් නැ සිස්ටම් ඇප් නම් මොඩිෆයි කරන්ට එප හරිය ඇප් ටික ලෝඩ් උනාම පොඩි ඇහැක් වගේ එකක් තියනවා එකට යන්ට ඒක ඇතුලේ තියනවා TYPE කියලා එකට USER කියන තැන තියන ටික් එක දෙන්ට  ඒකරලා Apply කරන්ට දැන් ඔයාලා ඉන්ස්ටෝල් කරලා තියන ඇප් සෙට් එකම පෙන්නනවා






3.හරි ඔයාලා රෙසුලේෂන් එක වෙනස් කරන්ට යන ඇප් එක සිලෙක් කරන්ට ඒකරලා උඩම තියනවා off කියලා එක on කරන්ට DPI කියලා තියන තැනට 70 කියලා දෙන්ට ඒක ඇප් එකෙන් එකට වෙනස් වෙනවා ෆෝන් එකෙන් එකටත් වෙනස් වෙනවා මගේ 70 හරි ගියාට ඕයාලගේ වෙනස් වෙන්ට පුලුවම් ඒක ඇප් එක ඕපන් කරලා බලලා ගැලපෙන් විදිහට හදාගන්ට හැකි DPI කියන තැනට ගැලපෙන ගාන දීලා උඩම තියන SAVE අයිකන් එක ටච් කරන්ට ඒ කරලා yes කියන එක දෙන්ට දැන් ඔයාලා ඇප් එක ඕපන් කරලා බලන්ට වෙනස








**රෙසුලේෂන් වෙනස් කරන්ට කලිම් තිබුනු විදිහ**


**රෙසුලේෂන් වෙනස් කරාට පස්සේ තියන විදිහ**



(සමහර ගේම් වලනම් රෙසුලේෂන් වෙනස් වෙන්නේ නෑ හරිය)



4.ඒක කරලා ඉවරයි දැන් බලමු ඇප් එකක් ෆුල් ස්ක්‍රීන් දාන විදිහ  ෆුල් ස්ක්‍රීන් දානවා වගෙම ෆුල් ස්ක්‍රීන්  වැටෙන ඇප් ඒ කීවේ ගේම් වල එහෙම ෆුල් ස්ක්‍රී නැති කරලා නෝමල් මොඩ් එකට දාන්ටත් පුලුවම් ඒ කියන්නේ status bar එක පෙනෙන්ට හදන්ට මුලින්ම කැමති ඇප් එක ‍තෝරලා කලිම් කලා වගේ උඩ තියන off  එක on  කරලා Fullscreen  කියලා තියන තැනට  Force කියලා දෙන්ට ඒ කරලා සේව් කරලා බලන්ට ගිහිලා ඔයාලා සිලෙක් කරපු ඇප් එක අනිවා Fullscreen   වැටෙනවා









**fullscreen on කරන්ට කලිම්**


**fullscreen on කරාට පස්සේ**



(fullscreen  වැටන ඇප් එකක් නෝමල් විදිහට දාගන්ටනම් fullscreen  කියන තැන තියන Prevent කියන එක දීලා සේව් කරන්ට)

5.මම කීවනේ ඕනම ඇප් එකක් ඔටෝ රොටේෂන් දාන්ට වගෙම ඔටෝ රොටේෂන් නැති කරන්ටත් පුලුවම් කියලා මුලින්ම ඕන ඇප් එකට ගියා On කලා  Orientation කියලා තියන තැනට තමුන්ට ඕන විදිහට දෙන්ට තියෙන්නේ always portrait කියන එක දුන්නෙත් මොක කලත් ෆෝන් එක කොයි අතට හැරවව්වත් හෙල වෙන්නේ නෑ portrait විදිහට always landscape දුන්නෙත් සදහටම හරහට force auto rotation නම් එල ගේම් එකක් උනත් ඕන අතකට ප්ලේ කල හැකි











6.ගේම් එක එහෙම ප්ලේ කරනකොට ස්ක්‍රීන් ලොක් උනොත් කොහොමද මොකද සමහර ගේම්වල ටච් නොකර ඉන්නකොට නිකන්ම ස්ක්‍රීන් ඕෆ් වෙනවා(ගොඩක්ම රේසින්ග් ගේම්). ඕන ඇප් එකට ගියා on කලා Keep screen on කියන ටික් එක දුන්නා සේව් කලා සරල විසදුමක්







7.මේකත් මට ආව ලොකු ප්‍රෂ්නයක් මොකද මෙගේ ලග ලොකු ෆෝන් නෑ ස්ක්‍රීන් එක පොඩි ඒක නිසා සමහර ඇප් වල ෆෝන්ට් එක ලොකු වැඩි ok කරන බටන් එහෙම පේන්ටවත් නෑ ඒකට විසදුමක් දුන්නේ මේ ඇප් එක තමයි මුලින්ම ෆෝන්ට් එක පොඩි කරන්ට ඕන කරන ඇප් එක සිලෙක් කරා උඩින් on කලා Font scale කියන එකට 50ක් කියලා දුන්නා සේව් කලා 50 හොදටම ඇති ඈ දැන් වැඩේ ගොඩ





**ෆොන්ට් සයිස් එක අඩු කරන්ට කලියෙන්**


**ෆොන්ට් සයිස් එක අඩු කලාට පස්සේ**



මේකේ තව තව වැඩ තියනවා ඔක්කම කියන්ට ගියොත් අද දවසම මේක ලියන්ට වෙන්නේ කාට හරි කවදාම දවසක හරි මේක ඕන වෙයි එක නිසා දැන්ම ඉන්ස්ටෝල් කරලා තියාගන්ට මහලොකු සයිස් එකක් නෑ අනික මේකේ හොදයි කියලා හිතෙනවානම් කමන්ට් එකක්වත් දාන්ට ජය!



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share: