Tuesday, April 15, 2014

Swapper for Root (සිංහලෙන්)

Swapper for Root (සිංහලෙන්)




හායි හැමෝටම මුලින්ම කියන්ට ඕනේ සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අවුරුද්දට කාලා බීලා ජොලි කලා දැන් ඇති කියලා හිතුන නිසා පෝස්ට් එකක් දාන්ට හිතුනා හැමේටම කියන්ට ඕන කාරනාවක් තමයි මම කාගෙවත් පෝස්ට් කොපි කරන්නේ නෑ අනික හැම දේම මම කරලා බලලයි පෝස්ට් එකක් උනත් දන්නේ ඒක නිසා ෆෝස් බුක් එකට කුනුහරප වපුරලා මැසේජ් එවන්ටනම් එපා මම කාගේ හරි පෝස්ට් එකක් කොපි කරලා තියනවානම් මට ඒ ලින්ක් එවන්ට මම එහෙම කරන කෙනෙක් නෙවෙයි මේකයි සීන් එක ගොඩක් ෆෝන් වල තියන ලොකුම ගැටලුවක් තමයි ‍රැම් එක මදිකම මේ ඇප් එකෙන් පුලුවම් ‍රැම් එක වෙනුවට පොඩි Virtual memory එකක් අපේ ෆෝන් එකේ ඉන්ටනල් මෙමරි එකේ හදන්ට මේකට ගොඩක් ඇප් තියනවා මම මේකම ‍තෝරා ගත්තේ මේක සම්පූර්නයෙන් ‍ෆ්‍රී දෙන ඇප් එකක් අනික වැඩ කරගන්ට ලේසී දුක තමයි මේක හැම  කර්නල්(Kernel) එකටම වැඩ කරන්නේ නෑ kernal එක මොකක්ද කියන එක ගැනනම් මේ පෝස්ට් එකෙන් කියන්ට ගියොත් මට එපා වෙයි ඒක නිසා මේක කරලා ටෙස්ට් කරලා බලන්ට හරිගියේ නැතිනම් පුලුවම් අය කස්ටම්ර් කර්නල් එකක් ෆ්ලෑෂ් කරලා ට්‍රයි කරන්ට නැතිනම් කස්ටම්ර් රොම් එකක් ගහලා ට්‍රයි කරන්ට මේක කරලා ඔයාලා රනින්ග් සර්විස් ගිහිල්ලා ‍රැම් එක වැඩිවෙලා නෑනේ කියලා බලලා මට බනින්ට එහෙම හදන්ට එපා මේක Virtual memory  එකක් ඒක නිසා එහෙම ‍රැම් එක වැඩි එක පේන්නේ නෑ හැමදාම අත පත ගාන ෆෝන් එක නිසා ඔයාලට මේක දැනෙයි එහෙනම් පහල ලින්ක් එකෙන් තියන ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට

DOWNLOAD




1.ඇප් දෙකම ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඔයාලා මුලින්ම Swapper ඇප් එක ඕපන් කරගන්ට Swapper  ඕපන් කරහම උඩමතියන Active Swap on Boot කියන එකට ටික් එක දීලා Swap file Positition කියන තැනට SD Card FAT Partition කියන එක දෙන්ට








2.මෙහෙමයි මම කීවානේ මේක හැම කර්නල් එටම සෙට් වෙන්නේ නෑ කියලා ඒක නිසා මුලින්ම මේක අපේ ෆෝන් එකට වැඩද කියලා බලන්ට ඕන එක කරන්ට ඉතිම් ලොකු Virtual memory එකක් ෆෝන් එකේ හදන්ට ඕන නෑ වැඩද කියලා බලට මුලින්ම 10MB විතර කරලා බලන්ට ඒකට කරන්ට තියෙන්නේ Sawp File size MB කියලා තියන තැනට 10 කියලා දෙන්ට ඒකරලා සේව් කරන්ට ටිකවෙලාවක් යයි Sawp ෆයිල් එකක් හැදෙන්ට රූට් පර්මිෂන් එහෙම අහයි එකත් දෙන්ට වැඩේ ඉවර උනාම (ෆයිල් එක හැදිලා ඉවර උනාම) ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්ට ඒකරලා SD card එකට ගිහිල්ල බලන්ට swap.swp කියලා එකක් හැදිලා ඇති 10MB




3.දැන් තමයි මේක අපේ ෆෝන් එකට හරියටම වැඩද කියලා බල්න්ට පුලුවම් දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපු Terminal Emulator කියන ඇප් එක ඕපන් කරගෙන ඉවර වෙලා මුලින්ම

su

කියලා ටයිප් කරලා කීබෝඩ් එකේ තියන එන්ට එක ඔබන්ට එතකොට රූට් පර්මිෂන් දෙන්ට අහයි රූට් පර්මිෂන් දෙන්ට ඊට පස්සේ

free

කියලා ටයිප් කරලා එන්ට කරන්ට එතකොට හෙන ලිස්ට් එකක් එයි ඒකේ තියනවා SWAP කියලා ඒක ඉස්සරහින් තියනවානම් බින්දුව වැටිලා අපේ කර්නල් එකට හරියන්නේ නෑ 

SWAP කියන එක ඉස්සරහින් ඉලක්කම් ටිකක් වැටිලා තියනවානම් වැඩේ ගොඩ ඔයාලාගේ කර්නල් එකට මේක සෙට් වෙනවා හරියටම

ඉලක්කම් ගොඩක් කීවේ  swap මෙමරි එක තමයි එතන පෙන්නන්නේ යූස් වෙලා තියන ගාන ‍ෆ්‍රී තියන ගාන පෙන්නන්නේ


SWAP වැඩ නැති අයගේ මේ වගේ තමයි තියෙන්නේ


මෙහෙම තියන අයගේ හරියටම වැඩේ වෙලා තියනවා




4.මේටික කියන්නේ මේ ඇප් එක වැඩ නති අයට ඔයාලාට කරන්ට තියෙන්නේ කස්ටමර් කර්නල් එකක් හොයලා ෆ්ලෑෂ් කරන්ට එහෙම කරන්ට කලිම් බලන්ට එකෙත් Swap මෙමරි ෂපෝට් කරනවාද කියලා XDA පැත්තේ සර්ච් කලානම් හොයාගන්ට බැරිකමක් නෑ



5.හරි Swap වැඩ කරන අය මුලින්ම කරන්ට තියෙන්නේ ඉන්ටනල් මෙමරියේ තියන swap.swp  කියන එක ඩිලීට් කරලා දාන්ට මොකද 10MB නේ අපි හදව්වේ 10MB හොදටම මදි අඩුම 512MB වත් තියෙන්ට ඕනේ ඩිලීට් කරලා ඉවර වෙලා ආපහු Swapper ඇප් එක ඕපන් කරලා Swap File Size කියන තැනට 512MB දෙන්ට මතක තියාගන්ට ඕනේ 512mb කියලා නෑ කැමති ගානක් දෙන්ට පුලුවම් මොකක් කරන්ටත් ඉන්ටනල් මෙමරියේ අපි දෙන ගානට ඉඩ තියෙන්ට ඕනේ වැඩ ගානක් දෙන තරමට ෆෝන් එක ස්ටක් වෙන ගතිය අඩුයි ගෝම් එහෙම හොදටම සෙල්ලම් කරන්ට පුලුවම් ඔයාලා දෙන ගාන දීලා  සේව් කරන්ට ලොකු ගානක් දුන්න නිසා ටික වේලාවක් යනවා වැඩේ හරි ගිහාම ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාලා Terminal Emulator  එකෙන් චෙක් කරගන්ට





මම හිතනවා ගොඩක් දෙනාට මෙක වැදගත් වෙයි කියලා වැදගත් උනානම් කමට් එකක් දාලා යන්ට වැඩ නැති අය මම කියපු දේ කරන්ට ඔයාලට ලොකු වෙනසක් දැනෙයි ෆෝන් එක ඇත්තමයි ගොඩක් ස්පීඩ් ලොකු වෙනසක් දැනෙනවා එහෙනම් වැඩේ කරලා බලන්ට





100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share:

1 comment:

  1. machan mage eke internel memory eka thiyenne 160 mb k withara..memory eka athi weida

    ReplyDelete