Tuesday, July 22, 2014

සිංහල හදුන්වාදීම (සිංහලෙන්)

සිංහල හදුන්වාදීම



හායි ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල උනිකෝඩ් දාන එක තමයි මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තත් අපි හිතන්නේ ඕකට ඉතිම් ෆෝන් එක රූට් කරලා වෙනදානම් කරන්නේ සින්හල උනිකෝඩ් ෆෝන්ට් එකක් ඉන්ස්ටෝල් කරන එකනේ ඒ කියන්නේ රීපේස් කරනවා ඔහොම දාලත් සමහර වෙලාවට අකුරුවල  කෑලි සමහර ඇප් ඕපන් වෙන්ට වෙලා යනවා ඔපරාමිනි වගේ කිසිම ලස්සනක් නෑ ෆෝන් එක. මොකද උනිකෝඩ් ෆොන්ට් එකක් අපි දාන්නේ තියන ෆෝන් එකකට රීප්ලෙස් කරන එකයි ඔහොම කලහම සිස්ටම් ෆෝන් වල ඉන්ග්‍රීසි අකුරුත් වෙනස් වෙනවා ඔය විදිහ තමයි අපි ඔච්චර කාලෙකට පාවිච්චි කරේ මට ඕක හෙන ප්‍රෂ්නයක් උනා ඒක නිසා ෆෝස් බුක් පෝස්ට් එකක් දැන්මා එක යාලුවෙක් දාපු කමට් එකක් දිගේ හොයාන හොයාන ගිය වැඩේ හරිගියා මේකේන් වෙන්නේ අපි සිංහල ෆෝන්ට් එක ෆෝන් එකට හදුන්වා දෙන එකයි ටිකක්විතර කල්පනා කරන්ට ඕන වැඩක් හැබැයි අමාරුනම් නෑ හොදට බලලා හොදට කියවලා වැඩේ කරන්ට කොම්පුටර් එකක් තියන අයටනම් ලේසී අනිත් අයට පුලුවම් රූට් එක්ස්ප්ලෝරා පාවිච්චි කරන්ට ආපහු කියනවා හොදට කියවලා බලලා රූප බලලා මේවැඩේ කරන්ට මුලින්ම මේ සොෆ්ට්වෙයා එකයි FONT එකයි ඩවුන්ලෝඩ් කරගන්ට


DOWNLOAD 



DOWNLOAD


මුලින්ම කියන්ට ඕනේ තමුන් කරන දේගැන තමුන්ට විෂ්වාසය තියෙන්ට ඕනේ අනික මේ හැම පෝස්ට් එකක්ම දාන්නේ කරලා බලලා ඉවර වෙලා ඒක නිසා ඉතුරුටික තියෙන්නේ තමුන්ගේ අතේ හරි ඒ කතා ඇති මුලින්ම NotPad++ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරගන්ට සිංහල ෆෝන්ට් දෙකත් ඩවුන්ලෝඩ් කරගන්ට ඒකරලා දැන් ගේමට බහින්ටයි යන්නේ

1.හරි මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා

System ----> etc

කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා fallback_fonts.xml කියලා ෆයිල් එක ඔයාලාගේ කොම්පුටර් එකට ගන්ට (කොම් එකක් නැති අය SDcard එකට කොපියක් දාගන්ට)







2.හරි දැන් ඔයාලා fallback_fonts.xml කියන ෆයිල් එක කොම්පුටර් එකට කොපි කරගෙන ඉවරයි දැන් fallback_fonts.xml ෆයිල් එක රයිට් ක්ලික් කරලා Edit with notpad++ කියන එක දෙන්ට
(කොම් එකක් නැති අය මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩේ කරන්ට Axel (XML Editor / Viewer)



3.හරි දැන් තමයි ටිකක් අමාරු වැඩකට තියෙන්නේ ඔයාලා Notpad++ එකෙන් ඕපන් කලහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඔතන ඇති ඔයාලාගේ ෆෝන් එකේ තියන ෆොන්ට් ඔක්කම ඔයාලා ඔය command line  මැදින් ‍තෝරාගන්ට ඕන තැනක් ඒ තැන මට ලියන්ට බෑ මම පින්තූරයක් දාන්නම් මේකේ තියෙනවා රතුපාට ඉරක් ගහලා අන්න ඒ වගේ තැනක් හොයාගන්ට එකම විදිහකට යන්නේ ඔය ඔක්කම මුලිනුත් නැතිව අගිනුත් නැතිව මැදින් තැනක් හොයාගන්ට මට මේක කියන බාෂාවෙන් ලියන්ට බැරි නිසායි මම පින්තූරාක් දානේ හොදටම බලලා කරන්ට මොකද ඔය තැනට තමයි අපි අලුතිම් ලයින් එකක් ඇඩ් කරන්නේ


4.හරි ඔය ඉරක් ගහලා තියෙනවා වගේ තැනක් ඔයාලා හොයාගෙන ඉවර වෙලා ඊට පහලිම් මේ මම දීලා තියෙන command line  ටික ඇඩ් කරන්ට ඕනේ </Fileset> කියන තැනට යටිම් ඇඩ් කරන්ට ඕනේ ඇඩ් කරලා ඉවර උනාම මම පහල දාලා තියෙන රූපය වගේ තියෙන්ට ඕනේ

    </family>
    <family>
        <fileset>
            <file>DroidSansSinhala-Regular.ttf</file>
            <file>DroidSansSinhala-Bold.ttf</file>
        </fileset>


(මෙතනින් කෝඩ් ටික කොපි කරගන්ට අමාරුනම් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලාගන්ට Download)



අපි එඩිට් කරලා ඉවර උනාම උඩ පින්තූරයේ තියෙන ආකාරයටම තියෙන්ට ඕනේ


5.හරි fallback_fonts.xml ෆයිල් එක මම කීව විදිහට මොඩ් කරලා ඔයාලා ෆයිල් එක සේව් කරන්ට මතක් කරලා සේව් කරන්ට ඒක අමතක උනොත් ඉවරයි fallback_fonts.xml මොඩ් කරලා සේව් කරලා ඉවර වෙලා  fallback_fonts.xml එක ෆෝන් එකට දාගෙන ආපහු

System------etc

කියන ෆෝල්ඩර් එකට රීප්ලේස් කරන්ට ඒකරලා පර්මිෂන් පහල රූපයේ විදිහට ලබා දෙන්ට





6.හරි දැන් ඉතිම් ගොඩක් දුරට වැඩ ඉවරයි දැන් ආපහු රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා 
Data ෆෝල්ඩර් එකට යන්ට ඒ කරලා ඒකේ අලුතිම් ෆෝල්ඩරයක් හදන්ට SYSMLINK කියලා ඒ කරලා පහල පින්තූරයේ විදිහට පර්මිෂන් හදන්ට







7.හරි දැන් SYSMLINK කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆෝන්ට් ෆයිල් දෙක දාන්ට ඒකරලා පහල ආකාරයට රූට් එක්ස්ප්ලෝරා වලිම් පර්මිෂන් වෙනස් කරන්ට





8.හරි දැන් ඔයාලාට කරන්ට තියෙන්නේ අන්තිම ටික මුලින්ම එක ෆොන්ට් ෆයිල් එකක් ටච් කරගෙන ඉන්ට ටික වෙලාවාක් එතකොට රූට් එක්ස්ප්ලෝරා ඔප්ෂන් මෙනු එක එනවා ඒකේ යටම තියනවා Link to this file කියලා අන්න ඒක දෙන්ට එතකොට යටිම් වැටෙනවා CREATE LINK කියලා ඔයාලට දැන් කරන්ට තියෙන්නේ SYSTEM වල තියෙන FONTS ෆෝල්ඩර් එකට ගිහිල්ලා CREATE LINK කියන එක දෙන්ට එතකොට ඒ ෆෝන්ට් ෆයිල් එක ලින්ක් වෙනවා අන්න ඒ වගේ ෆෝන් ෆයිල් දෙකම ලින්ක් කරන්ට ඕනේ SYSTEM වල FONTS ෆෝල්ඩර් එකට







හරි දැන් ෆෝන් එක රීබූට් පාරක් එහෙම දාලා බලන්ට සිංහල වැඩ කරනවා බබා වගේ කිසිම අවුලක් නෑ ලස්සනයි ඕන වෙබ් බ්‍රොව්සර් එකක ටොපට වැඩ







මේක ඇත්තටම පොඩි වැඩක් තේරෙන සිංහලෙන් කියලා දෙන්ට පුලුවම් වෙන්ට ඕන නිසයි ටිකක් දිගට ලියව්වේ හරියටම කරන්ට වැරදෙන්නේ නෑ කීයටවත් ඒකනම් සුවර් හොදට මතක තියාගන්ට ඔයාලාට හිතෙන්ට පුලුවම් කෙලින්ම ෆොන්ට් ෆයිල් දෙක system/fonts ෆෝල්ඩර් එකට දැන්මානම් ඉවරනේ කියලා ඔවු එහෙම කලත් වරදින්නේ නෑ බැරිවෙලාවත් ෆෝන් එක BOOTLOOP උනොත් ෆැක්ටරි රීසෙට් එකක් දාලා ආයේ හදාගන්ට පුලුවම් අලුතිම් රොමක් ගහන්ට ඕනේ නෑ අනික එහෙම ලින්ක් කරන එකෙන් SYSTEM මෙමරිය ඉතුරු කරගන්ට පුලුවම් හරි එහෙනම් කරලා බලලා කමන්ට් එකක් දාන්ට ජය!



100% DroidLanka Post

මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share:

Monday, July 7, 2014

Aroma file manager (සිංහලෙන්)

Aroma file manager 





හායි ටිකක් රෑ උනා කම්මැලිකමටත් එක්ක දාන්ට හිතුනා පෝස්ට් එකක් මේකනම් ගොඩක්ම වැදගත් වෙයි අපේ කස්ටියට මොකද එක එක වැඩ දාන්ට ගිහිල්ලා ෆෝන් එක ඔන් වෙන්නේ නැති උනාම  හදාගන්ට ෆුල් ට්‍රයි එකක් දීලා බැරිම උනොත් ආපහු රොම් එකක් ගහන එකනේ එතකොට ඉතිම් ෆෝන් එකේ තියන සමහර දේවල් ආපහු ගන්ට වෙන්නේ නෑ  වටිනා ෆයිල් එහෙම ඕන කරන දෙයක් තිබුනොත් ඉතිම් නැත්තට නැතිවෙනවා ඒ වගේ වෙලාවට ෆෝන් එක ඔන් නොකර රිකවරි මොඩි එකේදීම ඕන ෆයිල් ටික එස් ඩී කාඩ් එකටවත් කොපි කරගන්ට තියනවානම් ලොකු දෙයක් නේ ඒ වගේ වේලාවට තමයි Aroma file manager ගොඩක්ම වටින්නේ හරියටම කීවොත් ෆෝන් එක ඔන් නොකර ෆයිල් මැනේජර් එකකිම් කරන හැම වැඩක්ම කරන්ට පුලුවම් නිව් ෆෝල්ඩර් හදන්ට , ඕන ෆෝල්ඩර් එකක් කැමතිනමකින් රීනේම් කරන්ට , ඩිලීට් කරන්ට කොපි කරන්ට තව මේකේ තියනවාTERMINAL EMULATOR එකක් ඒකනම් ඉතිම් ගොඩක් දුරට වැදගත් වෙන්නේ නෑ නිතර නිතර රොම් ගහන අයනම් දන්නවා ඇති Aroma ටීම් එකේ වැඩ කිඩ දැන් වැඩේට බහිමු මුලින්ම පහල ලින්ක් එකෙන් Aroma file manager එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට කොපි කරලම තියාගන්ටකෝ


DOWNLOAD




1.කරන්ට මහලොකු දෙයක් නෑ මුලින්ම කියන්ට ඕනේ CWM හෝ TWRP හෝ මොනම හරි රිකවරි ෆෝන් එකට Install කරලා තියෙන්ට ඕනේ මේ වැඩේට හොදේ හරි මුලින්ම රිකවරි මොඩ් ගිහිල්ලා Aroma file manager.zip එක ‍තෝරලා නිකම් රෝම් එකක් ඉන්ස්ටෝල් කරන්නා වගේ වැඩේ කරන්ට ටික වේලාවක් ගිහාම ෆයිල් මැනේජර් එක ඔන් වෙයි ඔන් උන ගමන් ස්ටක් වෙයි ගනන් ගන්ට එපා ඒ පලවෙනි පාර විතරයි මොකද එයාට ඕන කරන ෆයිල් එයා හදාගන්ට ඕන නිසා ඊලගට බැටරිය ගලවලා ආපහු රිකවරි මෙඩ් ගිහිලා Aroma file manager .zip එක ආපහු ඉන්ස්ටෝල් කරන්ට දැන් ආපහු ෆයිල් මැනේජර් එක ඔන් වෙයි දැන් ඔයාලා කැමති දෙයක් කරන්ට පුලුවම් ෆයිල් මැනේජර් එකකිම් ගන්න ඕනම වැඩක් කරන්ට පුලුවම් බයවෙන්ට දෙයක් නෑ ෆෝන් එකට කිසිම හානියක් වෙන්නෑ ටච් රිකවරි ඉන්ස්ටෝල් කරලා තියන අයටනම් ටච් එකෙන්ම කරන්ට පුලුවම් නෝමල් රිකවරි අයට සද්දෙ අඩු වැඩි කරන බටන් එකෙන් හා පවර් බටන් එකෙන් වැඩ කරන්ට පුලුවම්













ටිකක් වෙලාගියේ පෝස්ට් එක දාන්ට රිකවරි මොඩ් එකේදී ස්ක්‍රීන් ෂොට් ගන්ට හෙන කට්ටක් කට්න ඕනේ ඒකයි මේකනම් ඇත්තටම හැම කෙනෙක්ම ෆෝන් එකට කොපි කරලා තියාගන්ට ඕන කරන දෙයක් කවදා කොහොම ෆෝන් එකට කෙලෙවෙයිද අපිවත් දන්නේ නෑ ඒකයි  සමහර රිකවරි වලටන් ෆයිල් මැනේජර් තියනවා නැති අයටනම් ලොකු දෙයක් වෙයි මේක තව දෙයක් කියන්ට ඕනේ මගේ බ්ලොග් එකේ එකම එක ඇඩ් එකක්වත් නෑ හැම එකක්ම ඩිරෙක් ලින්ක් ඒ වගෙම ඇඩ් ස්කිප් කර කර ඩවුන්ලෝඩ් කිරිලිත් නෑ මගේ කිසිම අකමැත්තක් නෑ ඔයාලා මේවා කොහෝදැන්මත් ඒත් මගේ බ්ලොග් ලින්ක්ම දාලා තිබුනා ගොඩක් තැන්වල බලන්ට ඕනනම් ඇඩ් එකක් ස්කිප් කරන්ට ඕනේ මට ඒක දැනෙන්නේ කාට හරි දෙයක් කියලා දෙනවා නෙවෙයි විකුනනවා වගේ මම එපා කියන්නේ නෑ එහෙම කරන එකෙන් තියෙන කොලිටිය අඩුවෙනවා නේද කාගේ උනත් ජය!


100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

Wednesday, July 2, 2014

'TDT' TWEAKS (සිංහලෙන්)

'TDT' TWEAKS




හායි ටිකදවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්ට යන්නේ මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා තව දෙයක් කියනවානම් මම මේ බ්ලොග් පෝස්ට් එක මොබයිල් වලට විතරයි මේ වෙනකම් සීමා කරලා තිබුනේ මම හිතුවා මම දන්න හැම දෙයක්ම වගේ ලියන්ට ඒක නිසයි මම PC & LIFE TRICK කියලා අලුත් Lable එකක් දැන්මේ ඒක නිසා ඉස්සරහට මහ අමුතු අමුතු පෝස්ට් වැටෙයි පොඩ්ඩක් මොනවගේ පෝස්ට්ද කියලා කියන්ට මම ලින්ක් ටිකක් දාන්නම් ගිහිල්ලාම බලන්ට



හරි දැන් ඒ කතාව පැත්තකින් තියලා අද වැඩේට බහිමු මුලින්ම කියන්ට ඕනේ මේ තාක් කාලයකට මට හම්බ උන ඇන්ඩ්‍රොයිඩ් tweaks අතරිම් හොදම tweaks එක තමයි මේක කොයිතරම් හොදද කියලා කියනවාට වඩා කරලා බලලාම හිතාගන්ට කාට හරි ගැටලුවක් ආවොත් මේකෙන් වෙන්නේ මොකක්ද කියලා මේ tweaks ගැන විස්තරයක් දාන්නම් මේකේන් කරෙන දේගැන

✔ Graphics Enhancement
✔ Overall Better Performance
✔ Less lags through LMK Tweak and Various VM Tweaks
✔ Faster SDCARD Read/Write Speed
✔ Increase touchscreen sensitivity
✔ System cleaner script for regular cleaning of system
✔ better battery performance
✔ Ad blocking
✔ Entropy (optional)
✔ GPS optimization script
✔ BUILD.prop tweaks (optional)
✔ Kernal tweaks
✔ Sqlite optimization

තවත් පැහැදිලි කරනවානම් ෆෝන් එකේ තියන ප්‍රොෆෝම්ස්ට් වැඩි කරනවා එහෙම කලා කියලා ෆෝන් එකට ඩැමේජ් වෙන්නේ නෑ මේක හැම කෙනාටම ඉන්ස්ටෝල් කරන්ට බෑ මේක කරන්ට අනිවාරයෙන්ම CWM රිකවරි හෝ TWRP රිකවරි ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්ට ඕනේ දන්න තරමින් රිකවරි ඉන්ස්ටෝල් කර නැති කෙනෙක් නැති තරම් මොක කරන්ටත් රිකවරි වලිම් බැකප් එකක් දාන ඉන්ට ඒක කෝකටත් හොදයි

* මේටික අනිවා ඔයාලගේ ෆෝන් එකේ තියෙන්ට ඕන

1.Android 2.3.x වලට වඩා වැඩි වර්ෂන් එකක් තිබිය යුතුම

2.ඔයාලගේ Kernal එක init.d සපෝට් කරන්ට ඕනේ
(init.d ගැන දන්නේ නැතිනම් තාමත් init.d ෆෝන් එකට සපෝට් කරන්නේ නැතිනම් පහල ලින්ක් එකෙන් ගිහිත් init.d එනබල් කරගන්ට) >>>>>>> Init.d (සිංහලෙන්)

3.අනිවා රූට් කරලා තියෙන්ට ඕනේ

4.CWM හෝ TWRP රිකවරි ෆෝන් එකට Install කරලා තියෙන්ට ඕනේ

5.සිස්ටම් මෙමරියේ 5MB ඉඩ තියෙන්ටත් ඕනේ

මේ ටික ඔයාලාගේ ෆෝන් එකේ තියෙනවානම් මේ වැඩේ කරන්ට පුලුවම් මේක කරන්ට  ඕන කරන දේවල් පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට



DOWNLOAD 'TDT'





DOWNLOAD TERMINAL EMULATOR



1. මේක කරන්ට හරිම සිම්පල්. වැඩේ වෙන්නේ හරියටම init.d එනබල් වෙලා තිබුනොත් විතරයි හොදේ දීලා තියෙන ලින්ක් එකෙන් ගිහිලා එනබල් කරගන්ට හරිය දැන් කරන්ට තියෙන්නේ TDT.ZIP ෆයිල් එක SD කාඩ් එකට කොපි කරලා රිකවරි මොඩ් ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්ට

2.හරි දැන් 'TDT' TWEAKS ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඉවරයි දැන් වැඩ තියෙන්නේ Terminal Emulator එකෙන් මුලින්ම Terminal Emulator එක ඕපන් කරලා

su

කියලා ටයිප් කරලා එන්ට කරන්ට එතකොට රූට් පර්මිෂන් ඉල්ලයි ඒවා හරි ආකාරව ලබා දෙන්ට ඊලගට

scan

කියලා ටයිප් කරලා එන්ට කරන්ට දැන් TDT හරි ආකාරව ඉන්ස්ටෝල් වෙලාද කියලා ස්කැන් වෙනවා එහෙම ස්කෑන් වෙනකොට මොකක් හරි අවුලක් උනොත් ආපහු TDT ෆැෂ්කරලා ට්‍රයි කරන්ට











3.හරි දැන් Terminal Emulator එකෙන් අයින් වෙලා ආපහු Terminal Emulator ඕපන් කරලා මුලින්ම

su

කියලා ටයිප් කරලා එන්ට කරන්ට ඊලගට

TDT

කියලා ටයිප් කටන්ට TDT කියන එක capita අකුරින් ටයිප් කරලා එන්ට කරන්ට එතකොට TDT මෙනු එක එයි







4.හරි දැන් තියෙන්නේ  වැඩේ ඉවර කරන්ට මුලින්ම BUILD.prop tweaks එක Aplly කරන්ට ඒකට කරන්ට ඕනේ  Your choice? කියන තැනට ඉස්සරහින් 2 ටයිප් කරලා එන්ට කරන්ට එතකොට ඒයි මැසේජ් එකක්

Do You want to install build.prop tweaks?
[yes = 1  No = 2]

කියලා ඔයාලා අංක 1 ටයිප් කරලා එන්ට කර්න්ට එතකොට build.prop tweaks ඉන්ස්ටෝල් වෙනවා build.prop tweak කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් වෙනවා ෆොටෝවල කොලිටිය වැඩිවෙනවා බැටරි සේව් ‍රැම් එක ‍ෆ්‍රී කරනවා වගේ දේවල් build.prop tweaks එකට එකතු වෙනවා

build.prop tweaks ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම අහනවා 

Do you want to go base menu?
[Yes =1 No = 2]

අංක 1 ටයිප් කරලා එන්ට කරන්ට එතකොට ආපහු TDT මෙනු එකට යනවා









5. හරි දැන් ඔයාලාට තේරෙනවා ඇති මේ ආකාරයටම අංක 5ට අදාලව තියන Activate AdFree කියන එකත් දෙන්ට AdFree Activate උනාට පස්සේ ඔයාලාගේ ඇප් ඕපන් කරහම පෙන්නනවා නේද එක එක ඇඩ් ඒ එකක්වත් පෙන්නන්නේ නෑ ඒ කියන්නේ ඒවාට යන ඩේටා ටිකත් ඉතුරුයි



6.දැන් කරන්ට තියෙන්නේ TDT base menu එකට ගිහිල්ලා අංක 8 ඔබලා Exite වෙන එක ඒකරලා ෆෝන් එක රීස්ට්‍රට් පාරක් එහෙම දීලා බලට වෙනස එහෙම වෙනසක් තේරෙන්නේ නැතිනම් AnTuTu Benchmark එකෙන් බලන්ට වෙනස






ඔයිට වඩා දේවල් කරනවා Init.d වලිම් ඒක අපිට කරන්ට දෙයක් නෑ ෆෝන් එකම කරගන්නවා TDT වලට පහසුව තමයි අන්ස්ටෝල් කිරීමේ හැකියාවත් TDT base menu එකේම තියන නිසා ඕනනම් අන්ස්ටෝල් කරන්ට පුලුවම් මම මාසයක් තිස්සේ යූස් කරන්නේ කිසිම අවුලක් නෑ ට්‍රයි කරලා බල්න්ට වැදගත් උනානම් කමන්ට් එකක් දාලා යන්ට එහෙනම් ජය



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share: