Tuesday, May 6, 2014

Recent App Cleaner - Xposed (සිංහලෙන්)

Recent App Cleaner




හායි අදනම් ටිකක් වැඩ වැඩි දවස්ක් ඊයේ දාන්නම් කියලා හිතාන හිටපු පෝස්ට් එක අද තමයි දාන්ට උනේ පුන්චි අසනීපයක් නිසා නිවාඩුවක් දාලා ආවේ මේක මම හිතන විදිහට හැමෝටම ගොඩක්ම වැදගත් වෙන ඇප් එකක් බැටරි බහිනවා කියලා දුකෙන් ඉන්නා අයටනම් කියාපු ඇප් එකක් කියන්ට පුලුවම් තව ‍රැම් එක එහෙමත් අජයටම ඉතුරු කරනවා මේ ඇප් එකෙන් තව දෙයක් කියන්ට කැමතී ඔයාලා බැටරි සේව් කරන ඇප් එකක් පාවිච්චි කරනවානම් ඒ ඇප් එකට වඩා සීයට 50 කින්ම බැටරි සේව් කරනවා කියලා කියන්ට පුලුවම් මොකද මම දවස් 4 ක් තිස්සේ මේ ඇප් එක පාවිච්චි කරනවා අනික ඔය තියන බැටරි සේව් ඇප් වලට වඩා මේක ගොඩක් බලවත් මේකට ‍රැම් එක පොඩ්ඩක්වත් ගන්නේ නෑ අනිත් ඒවායෙන් ඉතිම් ‍රැම් එක සෑහෙන්ට කනවානේ ඒ කියන්නේ මචන්ලා ෆෝන් එක හැම වෙලේම නැගිටලා ඒ කියන්නේ බැටරිය පාවිච්චි වෙනවා වැඩී මේ ඇප් එකෙන්නම් එහෙම වෙන්නේ නෑ දුකකට තියෙන්නේ මේ ඇප් එක ඩිවොලොප් කරලා තාම දවස් ගානක් ඉතිම් පොඩි පොඩි ලොඩ තියනවා ඒවා ටික දවසකිම් එයා හදලා අලුත් අප්ඩේට් දෙයි එතකම් ෆයිනල් රිලීස් එක  දාලා බලන්ට



ඇප් එක ගැන කීවා ඇති වගේ දැන් බලමු මේ ඇප් එකෙන් වෙන දේවල් සරලව කීවොත් අපි ඇප් එකක් ඕපන් කරලා EXITනොවී බැක් උනොත් ඒවා රන් වෙනවා ඒවා Recent App එකක් විදිහට තියෙනවා  එහෙම තියෙනකොට ඔයාලාගේ ෆෝන් එකේ ‍රැම් එක වගේම ප්‍රොසිසර් එකත් උපරිමයට යනවා එතකොට ඉතිම් බැටරි විගහට බහිනවා මේ ඇප් එකෙන් කරන්නේ අපි ෆෝන් එක ලොක් කරපු ගමන් Recent App ටික ක්ලියර් වෙලා යනවා ඔයාලා ඇප් කොච්චර ඕපන් කරලා තිබුනත් ඒවා ක්ලියර් වෙනවා අපිට ඕකට මේ ඇප් එකම ඕන නෑ ඒ උනාට ඕක වෙනම කරනවාට වඩා මේ වගේ සරල ඇප් එකක් දාගන්න එක කොයිතරම් පහසුද මේකෙන් වෙන්නේ ඔයලාගේ ෆෝන් එකේ රන් වෙන ඇප් ටික නතර වෙන නිසා බැටරිය ඉතිරි වීමක් මේ මොක කරන්ටත් ඉතිම් ෆෝන් එක රූට් කරලා XPOSED ඉන්ස්ටෝල් කරලා තියෙන්ට ඕනේ තාමත් XPOSED ඉන්ස්ටෝල් කරලා නැති අය පහල ලින්ක් එකෙන් ගිහිල්ලා XPOSED ඉන්ස්ටෝල් කරගෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්ටකෝ







DOWNLOAD






1) හරි xposed ඉන්ස්ටෝල් කරගෙන නැති අය ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා පහල ලින්ක් එකෙන් Recent App Cleaner  ඇප් එකත් ඉන්ස්ටෝල් කරගන්ට දැන් කරන්ට තියෙන්නේ Xposed Installer ඇප් එක ඕපන් කරගෙන ඉවර වෙලා Modules වල
Recent App Cleaner  ඇප් එක ඉස්සරහ තියෙන ටික් එක දාලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාන්ට







2) හරි දැන් xposed වලිම් කරන වැඩටික ඉවරයි දැන් කරන්ට තියෙන්නේ 
Recent App Cleaner  ඇප් එක ඕපක් කරගන්ට  ඇප් එක ඕපන් කලාම උඩම තියනවා 
Status කියලා ඒක Active කියලා තියෙන්ට ඕන එහෙම තිබුනේ නැතිනම් Xposed හරියටම ඉන්ස්ටෝල් වෙලා නෑ එහෙම තුබුනොත් ආපහු බලන්ට Xposed ගිහිල්ලා Modules එකට ටික් එක දාලාද කියලා





3) ඊට පස්සේ තියෙන්නේ කරන්ට Exclude Recent Apps කියන එකට None කියලා දෙන්ට අපි එතනට Last 5 ඇප් කියලා දුන්නොත් එහෙම වෙන්නේ අපි අන්තිමට ඕපන් කරපු ඇප් 5 ක්ලියර් වෙන්නේ නෑ None කියලා දුන්නහම වෙන්නේ අන්තිමට ඕපන් කරපු හැම ඇප් එකක්ම ක්ලියර් වෙන එක ඒක ඔයාලාගේ කැමැත්ත හැටියට දෙන්ට මම නම් None කියලා දීලා තියෙන්නේ


4) ඊලගට තියෙන්නේ  Clean Strategy කියන එකට 
Remove Task Only කියලා දෙන්ට 
Remove And Kill Foreground Process කියන එක දුන්නොත් වෙන්නේ සම්පූර්නයෙන්ම Stop වෙනවා එහෙම කරන එකෙන් වෙන්නේ  සමහර ඇප් වලට Save උන දේවල් පවා නැති වෙනවා ගේම් වල එහෙම සේව් නැති වෙයි ඒක නිසා  
Remove Task Only  කියලා දෙන්ට


5) ඊලගට තියෙන්නේ  Clean When Screen Off කියන එකට් ටික් එක දාලා  Advanced කියන එකේ තියනවා 
Add HomeScreen Shortcut කියලා ඒකත් දෙන්ට එතකොට හෝම් එකට Shortcut එකක් ඇවිත් ඇති




දැන් ඉතිම් වැඩේ ඉවරයි ඔයාලා ටෙස්ට් කරන්ට  ඕනනම් ඇප් කැටියක් ඕපන් කරලා ෆෝන් එක ලොක් කරලා ආපහු අන්ලොක් කරන්ට එකම ඇප් එකක්වත් නෑ Recent App වල තව ඉතිම් ලොක් කර කර ඉන්ටම ඕනෙත් නෑ හෝම් එකට අපි දාගත්ත Shortcut එක එක උනත් එක පාරක් ක්ලික් කරපු ගමන් ඔක්කම ක්ලියර් වෙලා යනවා මේ වැඩේ කරන්ටනම් ගොඩක් ඇප් තියෙනවා ඒ ඇප් වලිම් ගොඩාක් ‍රැම් එක ගන්නවා ඊට වඩා මේක ගොඩක් වෙනස් ගොඩක් ප්‍රයෝජනවත්  වැඩේ හොදනම් කමන්ට් එකක් දාලාම යන්ට


100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR
Share:

Sunday, May 4, 2014

Seeder (සිංහලෙන්)

Seeder




හායි නිවාඩු දවස්ක් නිසා පොඩි පෝස්ට් එකක් දාන්ට හිතුනා මේකත් ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් කියලා කියන්ට පුලුවම් මොකද මේකේ තියෙන විෂේත්වය තමයි
මෙයා ඔටෝම Lag cleen කරගන්නවා ඒ කියන්නේ සමහර ඇප් ලෝඩ් වෙන්ට වෙලා ගන්නවා හරියටම කීවොත් FACEBOOK, MAP වගේ ඒවා ටිකවෙලාවක් යනවා
Leg cleen කරනවා කියන්නේ ඒ ඇප් ලෝඩ් වෙන්ට වෙන ප්‍රමාදයන් නැති කරලා දානවා නිකම් හිතන්ට අපි ප්ලේස්ටෝ එකට ලොග් වෙලා ඉන්න වෙලාවට FACEBOOK ලොග් වෙනවා කියලා අපි ගොඩක් පාවිච්චි කරන්නේ මොබයිල් නෙට්වර්ක්නේ ඉතිම් ඉන්ටනෙට් ටිකක් ස්ලොව් ඒ වෙලාවට ප්ලේස්ටෝ එකට වගෙම ෆේස්බුක් ලොග් වෙන්ටත් අපි පාවිච්චි කරන්න මොබයිල් ඩේටාම තමයි  අන්න ඒ වේලාවට මේ ඇප් එකෙන් කරන්නෙ ඩේටා යූස් වෙන ඔක්කම ඇප්  පොඩි වේලාවකට නවත්තලා අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න ස්පීඩ් එක දෙනවා ‍රැම් ප්‍රොසිසර් එක උනත් එහෙම තමයි අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න අවදානය දෙනවා වගේ වැඩක් මේ ඇප් එකෙන් කරනවා තියන බාදක අයින් කරනවා වගේ වැඩක් පරක්කු වීම නැති කරනවා ගේම් එහෙම ප්ලේ කරන අයටනම් හොදයි මේකේන් වැඩ ගන්ට ලොකු වැඩ ගොඩක් කරන්ට ඕන නෑ මුලින්ම පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටකෝ ඉට පස්සේ වැඩේ බලාන කරන්ටකෝ


DOWNLOAD




1) හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඕපන් කරන්ට ඕපන් කරනකොට රූට් පර්මිෂන් අහයි ඒවා අදාල විදිහට ලබා දීලා ඉවර වෙලා උඩම තියනවා
Enable Seeder Lag Reduction කියලා ඒක මුලින්ම ON කරන්ට 
ඊට පස්සේ Extend I/O Queue කියන එකටයි 
Start Automatically On Boot ටික් එක දීලා ඉවර වෙලා 
RNG Service Performance Profile කියන එක Aggressive ලෙසට වෙනස් කරලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දෙන්ට දැන් පොඩ්ඩක් ඇප් එකක් ඕපන් කරලා බලන්ට වෙනස මම පහලින් වීඩියෝ එකක් දාලාතියෙනවා ඒකත් බලලාම තේරුම් ගන්ටකෝ








VIDEO LINK
VIDEO






මෙකක් හරි හේතුවක් නිසා මේ යූටියුබ් වීඩීයෝ එක දාන්ට දෙන්නේ නෑ ඒකයි හොදේ ලින්ක් එක දැන්මේ වීඩියෝ එක බැලුවොත් තේරෙයි වෙනස එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්ට හොදනම් කමන්ට් එකක් දාලා යන්ට ජය


100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share:

Thursday, May 1, 2014

Backup Stock Rom Without CWM (සිංහලෙන්)

Backup Stock Rom Without CWM 



හායි සුබ දවසක් කම්මැලි දවසක් නිසා ටිකක් දිග පෝස්ට් එක දාන්ට හිතුනා මේකනම් චයිනීස් ටැබ් ෆෝන් යූස් කරන අයට ගොඩක්ම වැදගත් වෙයි ZIGO, ALCATEL, E-TEL අපි ඔය චයිනීස් කියලා කියන ෆෝන් තියෙන්නේ ඒ අයට තමයි මේක කරන්ට පුලුවම් හරියටම කීවෙත් මීඩියා ටෙක් ෆෝන් ටැබ් වලට මේ වැඩේ කරගන්ට පුලුවම් මොකද හොද ෆෝන් වලටනම් අව්ලක් නෑ මොනවා කරලා කෙල උනත් අන්තිමට පුලුවම් හදාගන්ට ඒ උනාට චයිනා ඇන්ඩ්‍රොයිඩ් වලට එහෙම කරන්ට බෑ මොකවත් කරන්ට බයයි ඊලගට ෆෝන් එක ඔන් උනේ නැතිනම් ඉවරනේ ඒක නිසා ස්ටොක් රොම් එක බැකප් කරගෙන ඉන්න එක ගොඩක්ම වටිනවා බැකප් කරගන්නවා විතරක් නෙවෙයි රීස්ට්‍රොට් කරන හැටිත් මම කියලා දෙනවා මුලින්ම බලාගන්ට ඕනේ ඔයාලගේ ෆෝන් එක මීඩියාටෙක් ෆෝන් එකක්ද කියලා ඒකට මම පහල දාලාතියන ලින්ක් එකෙන් පොඩි සොෆ්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා දාලා තියන පින්තූරේ වගේ තියනවාද බලන්ට

Download

ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඕපන් කලාම උඩම  MEDIATEk කියලා වැටිලාතියනවානම් මේවැඩේ කරන්ට පුලුවම් චයිනීස්නම් කොහොමත් මීඩියා ටෙක් තමයි




ඔයාලා ෆෝන් එක මීඩියාටෙක් ෆෝන් එකක් කියලා ස්තීර කරගත්තට පස්සේ ඔයාලාට තියනවා ඩ්‍රයිවස් වගයක් ඉන්ස්ටෝල් කරගන්ට ඒ ට්ක පහල ලින්ක් වලිම් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට අනිවාරයෙන්ම ඉන්ස්ටෝල් කරගන්ට ඔනා මේටික නැතිනම් බැහැ එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට


USBDeview




MT USB VCOM Driver




MT65xx Usb Driver



ADB, Fastboot and Driver




ඔක්කම ටික ඔයාලාගේ වින්ඩොව්ස් පීසී එකට ඉන්ස්ටෝල් කරගන මීට අමතරව වෙනම ඩ්‍රයිවස් එකක් එනවානම් ෆෝන් එකටම ඒකත් ඉන්ස්ටෝල් කරගන්ට ඉන්ස්ටෝල් කරද්දී මෙකක් හරි ගැටලුවක් ආවෙත් කමන්ට් එකක් දාන්ට නැතිනම් ගූගල් පාරක් දාන්ට හොදේ

හරි දැන් ඩ්‍රයිවස් ටික ඉන්ස්ටෝල් කරලා ඉවරයි ඔරිගිනල් රොම් එක බැකප් කරන්ට ඕන වෙනවා සොෆ්ට්වෙයා දෙකක් ඒ දෙක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට 20MB වගේ තියෙන්නේ



DOWNLOAD


හරි දැන් ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා ඕන කරන සොෆ්ට්වෙයා දෙකත් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි දැන් එහෙනම් වැඩේට බහිමු මේක කරන්ට ඉතිම් ෆෝන් එක රූට් කරලා තියෙන්ටනම් ඕන කරනවා හොදේ ඒ ඔක්කම කරලා ඉවර වෙලා ඔයාලා ඩවුන්ලෝඩ් කරපු MTK Droid Root & Tool කියන සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන ඔයාලාගේ ෆෝන් එකේ  USB debugging ඔන් කරලා USBCable  එක ප්ලග් කරන්ට එතකොට ඔක්කම ෆෝන් එකේ විස්තර පෙන්නනවා MTK Droid Root & Tool කියන සොෆ්ට්වෙයා එකේ USB ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කරානම් අනිවා පෙන්නනවා එහෙම පෙන්නුවේ නැතිනම් කොම් එක රීස්ට්‍රට් පාරක් දාලා ට්‍රයි කරන්ට දැන් කරන්ට තියෙන්නේ Blocks Map කියන එක ක්ලික් කරලා 
Create Scatter File කියන එක ක්ලික් කරලා ඔයාලා කැමති තැනකට SAVE කරන්ට ඒක MT65xx_Android_scatter_emmc.txt ටෙක්ස් ෆයිල් එකක් විදිහට තමයි සේව් වෙන්නේ






හරි Android_scatter_emmc.txt එක හදාගෙන ඉවරයි දැන් කරන්ට තියෙන්නේ SP_Flash_Tool කියන සොෆ්ට්වෙයා එක ඕපන් කරලා ඉවර වෙලා Scatter Loading කියන තැන ක්ලික් කරලා ඔයාලා හදාගත්ත Android_scatter_emmc.txt ෆයිල් එක බ්‍රොව්ස් කරලා දෙන්ට



හරි දැන් කරන්ට තියෙන්නේ උඩ තියනවා Read back කියලා එකක් ඒකට ගිහිල්ලා add කියන එක දෙන්ට එතකොට එයි එකක් ඊටගට කරන්ට තියෙන්නෙ ඔයාලා මුලින්ම හදාගත්ත MT65xx_Android_scatter_emmc.txt නෝට් පෑඩ් එකෙන් එඩිට් කරන්ට ඒක හිමීට බලන්ට CACHE කියලා ඇති ඒක ඉස්සරහ තියන ඉලක්කම් ටික කොපි කරගන්ට මතක තියාගන්ට ඒක ඉස්සරහ තියන ටික විතරෛ කොපි කරගන්නේ






හරි දැන් කරන්ට තියෙන්නේ flash tool එකේ Read back කියන එකේ ඔයාලා ඇඩ් කරපු එකේ Star Address කියන තැන පහල තියන බින්දුගොඩක් අන්න එක ඩබල් ක්ලික් කරන්ට එතකොට අහයි සේව් කරන්ට තැනක් ඔයාලා කැමති තැනක් සිලෙක් කරලා සේව් කරන්ට එතකොට තව වින්ඩෝ එකක් එයි ඒකේ Length කියන තැනට ඔයාලා කලිම් කොපි කරගතේ Android_scatter_emmc.txt එකේ CACHE කියන එක ඉස්සරහ තියන නම්බර් එක පේස්ට් කරන්ට මතක ඇතිව හොදට බලලා පේස්ට් කරන්ට නම්බර් ටික හරිද කියලා



(මම දාලාතියන නම්බර් ටික දාන්ට එප ඔයාලාගේ තියන ඒවා ටික දාන්ට)

හරිය දැන් කරන්ට තියෙන්නේ ෆෝන් එකට ඩේටා කේබල් එක ගහලා තියනවානම් ගලවලා ඉවර වෙලා Flash Tool එකේ Read Back වල උඩම තියනවා පුන්චි ඊතලයක් දාල Road back කියලා එකක් ඒක ක්ලික් කරන්ට මොකක් කරි ආවොත් yes කරන්ට දැන් ෆෝන් එක ඕෆ් කරලා ඉවර වෙලා ඩේටා කේබල් එක ආපහු ගහන්ට එතකොටම Flash Tool එකේ නිල්පාටින් එකක් ලෝඩ් වෙයි ඒක ලෝඩ් වෙනකම් ඉන්ට , ඔයාලාගේ ෆෝන් එක ඕෆ් කරලා එහෙම ගත්තේ නැතිනම් බැටරිය ගලවලා VOL + (වැඩිකරන බටන් එක) ඔබාගෙන කේබල් එක ගහන්ට එතකොට ගයි මේක සම්පූර්නයෙන්ම ලෝඩ් වෙනකම් ෆෝන් එක ඔන් කරන්ට එපා විනාඩි 20ක් විතර යයි ලෝඩ් වෙන්ට




හරි වැඩේ ඉවර උනාම ෆෝන් එක ඔන් කරන්ට Flash Tool එකෙන් ඔයාලා හදාගත්ත ෆයිල් එක ඇති ඔයාලා දුන්න තැන ඒක ඇත්තේ ROM_ 0 වගේ නමකිම් තාම වැඩේ ඉවර නෑ දැන් ආපහු
MTK Droid Root & Tool කියන ඇප් එක ඕපන් කරලා ඉවර වෙලා ඒකේ උඩම තියනවා root,backup,recovery කියලා ටැබ් එකක් ඒකට යන්ට දැන් ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කනෙක්ට් කරන්ට ෆෝන් එක කනෙක්ට් උනානම් යටිම් වැටෙනවා root,backup,recovery කියන ටැබ් එකේ තියනවා
To proces File ROM_fom Flash Tool කියලා ඒක ක්ලික් කරලා ඔයාලා Flash Tool එකෙන් හදාගත්ත ROM_0 කියන ෆයිල් එක බ්‍රොව්ස් කරලා Open කියන එක දෙන්ට එතකොට
MTK Droid Root & Tool එකෙන් ලෝඩ් වෙන්ට පටන් ගයි මගදි අහයි TO make CWM recovery autumatically? කියලා ඒක කැන්සල් කරන්ට එතකොට එයි එකක් ෆයිල් බ්‍රොව්ස් කරන්ට ඒකත් කැන්සල් කරන්ට ටික වේලාවක් ගිහාම යටිම් වැටෙයි 
task is complete කියලා








හරි දැන් ඔයාලා ඔරිගිනල් රොම් එක බැකප් කරගෙන ඉවරයි හොදම දේ තමයි ඔයාලා ඔය බැකප් කරපු රොම් එක අරම් තියාගන්න එක රොම් එකක් කීවට එක ෆයිල් එකක් නෙවෙයි ගොඩක් ෆයිල් තියනවා MTK Droid tool ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා BACKUPS කියලා ෆෝල්ඩර් එකක් ඒක ඇතුලේ තියනවා ඔයාලගේ රොම් එක බැකප් කරපු



බැකප් කරන එක විතරක් මදි කොහොමද රීස්ට්‍රොට් කරන්නේ කියන එකත් දැනගෙන ඉන්ට ඕනේ ඒක කරන් එක හරිම සරල දෙයක් ඔයාලා ආපහු SP Flash Tool එක ඕපන් කරගෙන ඉවරවෙලා Scatter Loading කියන එකට ඔයාලා බැකප් කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා MTxxxx_Android_scatter _emmc.txt කියලා ටෙක්ස් ෆයිල් එකක් ඒක සිලෙක් කරලා ඕපන් කරහම Flash Tool එකේ හැම එකකටම හරි ලකුන වැටිලා තියනවා
RECOVERY
CUSRPACK
MOBILE_INFO
EBR
CACHE
USEDATA 
කියන ෆයිල් වලට හරි ලකුන වැටිලා නෑ අපි ඒවා සිලෙක් කරලා දෙන්ට ඕන මුලින්ම කරන්ට තියෙන්නේ  RECOVERY කියන තැන ටික් එක දාලා  RECOVERY කියන එක ක්ලික් කරහම ෆයිල් බ්‍රොව්ස් කරන්ට එනවා ඔයාලා බැකප් කරපු ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා 
factory_NONmodified_recovery.img කියලා ඒක සිලෙක් කරලා ඕපන් කරන්ට ඊලගට CUSTPACK කියන එක ලග ටික් එක දාලා ඒක උඩ ක්ලික් කරලා ඔයාලා බැකප් කරපු එක ඇතුලේ තියනවා CUSTPACK2.img කියලා එකක් ඊට පස්සේ MOBILE_INFO කියන එකත් ඒවගෙමයි ඉස්සරහින් ටික් එක දාලා MOBILE_INFO කියන තැන ක්ලික් කරලා mobile_info.img කියන එක සිලෙක් කරන්ට EBR ෆයිල් සමහර විට ඕයාලගේ එකේ නැටි වෙයි ඔයාලගෙත් එහෙම තිබුනොත් අරවගේම ටික් එක දාලා කලිම් ගත්ත බැකප් එකෙන් හොයලා දෙන්ට EBR1 නම් බැකප් එකෙත් EBR1 හොයලා දෙන්ට

CACHE
USRDATA

කියන දෙකට මොකවත් දෙන්ට යන්ට එපා ඒ දෙක නිකන්ම තියලා උඩම තියනවා DOWNLOAD කියලා බ්බටන් එකක් ඒක ක්ලික් කරලා මොකක් හරි ආවොත් YES කරන්ට දැන් කරන්ට තියෙන්නේ ෆෝන් එක හරි ටැබ් එක හරි ඕෆ් කරලා කේබල් එක ගහන්ට එතකොටම ලෝඩ් වෙන්ට පටන් ගයි ලෝඩ් වෙලා ඉවර උනාම ෆෝන් එක ගලවලා ඔන් කරන්ට එතකොට වැඩේ හරි
















මේක 100% ම වැඩ කරනවා zigo Tab එකක් තව චයිනා නමක් ගමක් නැති ටැබ් එකක් Alcatel  ෆෝන් එකක් මම මෙහෙම බැකප් කරලා රීස්ට්‍රොට් කරලා බැලුවා හොදටම වැඩ හොදම දේ තමයි බැකප් එකක් දාගෙන ඉන්ට මොකක් හරි උනදාකට රීස්ට්‍රොට් කරලා බලන්ට අපි මේ පෝස්ට් එක දැක දැක නිකම් ඉදලා මොකක් හරි උනදාකට දුක්වෙලා වැඩක් නෑ අනික ඔය නම් ගම් නැති ඒවා ලංකාවේ සොෆ්ට්වෙයා ගහන්ට තියනවාද කියලාවත් මම දන්නේ නෑ මේක ලියන්ටනම් ටිකක් වෙලා ගියා ස්ක්‍රීන් ශොට් 40ක් විතර තියනවා මේකේ ටිකක් අමාරු වුන පෝස්ට් එකක් වුනා තවදෙයක් තමයි අකුරු වැරදීමක් තුබුනොත් සමාවෙන්ට මම හිතනවා මේක ඔයාලට තේරෙන්ට ඇති කියලවා පොඩි කමන්ට් එකක් දාලා යන්ට එහෙනම් ජය



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share: