Saturday, September 20, 2014

SL Apk Installer (සිංහලෙන්)

SL Apk Installer 


හායි බ්ලොග් එකේ පොඩි වෙනසකුත් කරලා පෝස්ට් එකක් දාන්ටයි යන්නේ කලිම් පාරට වඩා ගොඩක් සිම්පල් විදිහට තමයි බ්ලොග තියෙන්නේ  ඕන කෙනෙක්ට සට සට ගාලා හොයාගන්ට පුලුවම් එහෙන් මෙහෙන් ඇඩ් නෑ අනික තියෙන හැම ඩවුන්ලෝඩ් එකක්ම මම අප්ලෝඩ් කරපුවා ඒවා යෙන් වැඩක් නෑ අද කියන්ට යන්නේ මම ම හදපු සිම්පල් සොෆ්ට්වෙයා එකක් මේ ගැන කියනවානම් ෆෝන් එකට ඩේටා කේබන් එක ගහලා කොම්පුටර් එකේ තියෙන apk ඉන්ස්ටෝල් කරගන්ට පුලුවම් සට සට සට ගාලා හරිම පහසුයි මේක මුලින්ම හැදුවේ මගේ ප්‍රයෝජනයට මොකද කස්ටමර් රොම් එකක් එහෙම ගහපුවහම එකෙන් එක ඇප් ඉන්ස්ටෝල් කරන්ට ඕනේ එහෙම කරන්ට ඉතිම් මුලින් ඇප් ටික ෆෝන් එකට කොපි කරල එකෙන් එක ඔබ ඔබ ඉන්ස්ටෝල් කරන්ට එපයෑ මේකේ එහෙම නෑ කරන්ට තියෙන්නේ ෆෝන් එකේ USB DEBUGGING ඔන් කරලා ඩේටා කේබල් එක ගහලා ෆෝන් එක පැත්තකිම් තියලා ඕන ඇප් ටික කොම්පුටර් එකෙන් සිලෙක් කරලා ඉන්ස්ටෝල් දෙන්ටයි හරිම සිම්පල් ඈ මුලින්ම පහලින් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්ට


DOWNLOAD 



1.හරි දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි මේක ඉන්ස්ටෝල් කර කර ඉන්ට දෙයක් නෑ නිකන්ම ඕපන් කරන්ට පුලුවම් ඩබල් ක්ලික් කරපු ගමන් වැඩේ ගොඩ මුලින්ම ඇප් එක ඕපන් කරගන්ට ඕපන් කලහාම උඩම තියෙනව Install ADB For Windows කියලා ඔන්න ඒක ක්ලික් කරන්ට අපි මුලින්ම ADB ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්ට ඕනේ USB DEBUGGING ඔන් කරලා ෆෝන් එකත් කනෙක්ට් කරන්ට Install ADB For Windows ඕපන් කලහම ඔන් වෙයි අලුත් වින්ඩොව් එකක් ඒක මම පහල දාලාතියෙන විදිහට කරන්ට මේවැඩේ කරන්නේ එකම එකපාරයි ඊට පස්සේ අය ඕන නෑ 




  Install ADB For Windows කියන එක මුලින්ම ඕපන් කරන්ට








want to install ADB and Fastboot? (Y/N)  Y ඔබලා එන්ටර් කරන්ට




Install ADB system-wide? (Y/N) Y ඔබලා එන්ටර් කරන්ට




want to install device drivers? (Y/N) Y ඔබලා එන්ටර් කරන්ට



හරි දැන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්ට අහයි නෝමල් විදිහට ඒක ඉන්ස්ටෝල් කරන්ට




හරි දැන් ඔයාලාගේ කොම්පුටර් එකට සාර්තකව ADB ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි අය කොම්පුටර් එක ෆෝමැට් කලොත් ඇරෙන්ට ඉන්ස්ටෝල් කරන්ට ඕනේ නෑ ඉතුරු ටික ඉතිම් සිම්පල්


2.ADB ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඉවර උනාම ආපහු APK Install මෙනු එකට වැටෙයි දැන් ඒකේ තියෙනවා BrowseFiles APK File කියලා අන්න ඒක ක්ලික් කරලා ඔයාලාට ඕන කරන apk ෆයිල් එක සිලෙක් කරලා එන්ටර් කරන්ට බොහෝම පොඩිවෙලාවකිම් APK එක ඉන්ස්ටෝල් වෙලා Success කියලා වැටෙයි






මේක මම මුලින්ම හැදුවේ මගේ ප්‍රයොජනයට අනිත් අයටත් වැදගත් වෙන නිසා තමයි මම මේක දැන්මේ ඇත්තටම සිම්පල් ඇප් එකක් මම මේපෝස්ට් එක ලියන ගමන් මතක් උන දෙයක් තමයි මෙවිදිහටම WIFI හරහා ඇප් ඉන්ස්ටෝල් කරන්ට පුලුවම් කියලා ඊලග අප්ඩේට් එකේ ඒකත් එක්කම ඇඩ් කරලා දෙන්නම් එහෙනම් මේක ටෙස්ට් කරලා බලලා හොද නරක කියන්ට ජය


100% DroidLanka Post

ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  දැන ගන්       





PLS. REPORT ANY ERROR

100% DroidLanka Post
Share:

Thursday, August 14, 2014

ZipSigner (සිංහලෙන්)

ZipSigner 




හායි ටික දවසකට පස්සේ පෝස්ට් එකක් දාන්ට යන්නේ ගොඩක් අය දන්නවා ඇති නොදන්න දෙතුන් දෙනාටයි කියලා දෙන්නේ හරිය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කරනකොට ඉතිම් මොකක් හරි කරන්ට දෙයක් තියෙනවා නේ ඒක නිසා කම්මැලි වෙලාවට මේක කරලා බලන්ට කතාව තමයි මොකක් හරි ඇප් එකක් දාගත්තහම අපිට හිතෙනවා නේ මෙහෙම තිබුනොත් හොදයි ටිකක් ලොකු උනානම් හොදයි අපේ ෆොටෝ එකක් දාගත්තහම හොදයි කියලා ඒ වේලාවට අපි කරන්නේ ඉතිම් apk ෆයිල් එක අරගෙන Winrar වලින් හරි Winzip වලිම් හරි ඕක එක්ස්ට්‍රක් කරලා අරගෙන ඇතුලේ තියෙන Image ෆයිල් එඩිට් කරලා අපි කැමති විදිහට එක එක පින්තූර දාලා වැඩ දාලා හදනවා Apkmania එකෙන් ගේම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරහම ඔන්න ගේම් එක ඔන් වෙනකොටම උන්ගේ ලෝගෝ එක වැටෙනවා ඒ apk එක එඩිට් කරලා තමයි ඉතිම් ඔය කරන මගුල් ඔක්කම කරලා ආපහු ඕක winrar හරි winzip වලිම් හරි කොම්පෝස් කරලා apk එක ෆෝන් එකට දාලා ඉන්ස්ටෝල් කරනකොට  ඉතිම් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ ඒ වෙලාවට ඉතිම් කරන වැඩෙත් මග දාලා නිකම් ඉන්නවා නිකන්ම APK එක එඩිට් කරාට වැඩක් නෑ එහෙම එඩිට් කරලා apk එක ඇන්ඩ්‍රොයිඩ් වලට හදුනා ගැනීමට පර්මිෂන් දෙන්ට ඕනේ නැතිනම් ඉන්ස්ටෝල් කරන්ට බෑ අන්න ඒකට තමයි ZipSigner කියන්නේ කොහොමද මේක කරන්නේ කියලා මම APK එකක් එඩිට් කරලාම පෙන්නන්නම් මේක කරන විදිහ හරිම සිම්පල් එතකොට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ගැන බ්ලොග් ලියන අනිත් කොල්ලන්ටත් ඇප් එකක් ගැන එහෙම ලියද්දි බ්ලොගේ නම දාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ට දාන්ට මුලින්ම ZipSigner ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්ටකෝ මම එඩි කරන්ට යන්නේ Flappy Bird apk එක ඔන් වෙනකොට මගේ බ්ලොග් එකේ නම වැටෙන විදිහට ඔන්න

DOWNLOAD
DOWNLOAD LINK







1.සරලයි සරලයි මම කරන්නේ Flappy Bird apk එක එඩිට් කරලා බ්ලොග් එකේ නම වැටෙන්ට හදන්ටයි යන්නේ මුලින්ම කියන්ට ඕනේ මේක ඕනම apk ෆයිල් එකකට කරන්ට පුලුවම් තමුන් කැමති විදිහකට එඩිට් කරලා Signer apk එකක් විදිහට වැඩි කතා ඕන නෑ මුලින්ම කරන්ට තියෙන්නේ එඩිට් කරන apk එක අරගෙන winrar වලින් හරි winzip වලිම් හරි ඕපන් කරගන්ට






2.Winrar වලිම් ඕපන් කරගෙන ඉවර වෙලා ඇතුලේ තියන ඔක්කම ෆයිල් ටික ඔයාලා අලුතිම් ෆෝල්ඩර් එකක් ඕපන් කරලා සේරම ටික ඇදලා ඒ ෆෝල්ඩර් එකට දාන්ට හරියටම කීවොත් එක්ස්ට්‍රක් කරන්ට අලුත් ෆෝල්ඩර් එකකට



3.හරි දැන් ඔයාලා එක්ස්ට්‍රක් කරගත්ත ෆයිල් කැමති විදිහකට එඩිට් කරගන්ට තියෙන්නේ ඔය res කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි තියෙන Image ෆයිල් තියෙන්නේ ඔයාලට කැමති විදිහට ඒවා එඩිට් කරගන්ට මමනම් splash ඉමේජ් එක එඩිට් කරන්නේ

(එඩිට් කරන්ට කලිම්)


(එඩිට් කලාට පසුව)


4.හරි ඕන විදිහට එඩික් කරලා ඉවර වෙලා ආපහු ඔයාලා එඩිට් කරන්ට යන apk ෆයිල් එක Winrar වලිම් ඕපන් කරගෙන ඉවර වෙලා ඔයාලා එක්ස්ට්‍රක් කරගත්ත ෆයිල් ටික ඔක්කම සිලෙක් කරලා Winrar වලට ඇදලා දාන්ට  මම හිතෙනවා පැහැදිලි ඇති කියලා අපහැදිලිනම් හල තියෙන පින්තූර බලන්ට



5.හරි දැන් ඔයාලා apk එක එඩිට් කරගෙන ඉවරයි ඔයාලා ඕක ෆෝන් එකට දාගන්ට ඒ කරලා ඉන්ස්ටෝල් කරන්ට යන්ට එතකොට වැටෙයි ඉන්ස්ටෝල් කරන්ට බෑ කියලා මේ වගේ




6. හරි දැන් තමයි වැඩේ තියෙන්නේ මුලින්ම කරන්ට තියෙන්නේ මම දීලා තියෙන ZipSigner  ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක ඒ කරලා ZipSigner  ඇප් එක ඕපන් කරගන්ට ඒකේ උඩම තියෙනවා  Choose in/Out කියලා අන්න ඒකට යන්ට ඒ කරලා ඉවර වෙලා ඔයාලා එඩිට් කරපු apk ෆෝන් එකට දාපු තැනින් හොයලා සිලෙක් කරන්ට දැන් කරන්ට තියෙන්නේ ZipSigner ඇප් එකේ යටම තියෙනවා Sign The File කියලා ඒක දෙන්ට





7. දැන් ඉතිම් වැඩේ ඉවරයි apk එක Sing වෙලා ඉවර උනාම  Succes කියලා වැටෙයි දැන් කරන්ට තියෙන්නේ ඔයාලාගේ ෆෝන් එකේ තියන ෆයිල් මැනේජර් එකකිම් ඔයාලා එඩිට් කරපු apk එක තියෙන තැනට යන්ට එතන තියෙනවා ඔයලා Signed කරපු APK ෆයිල් එක ඔයාලා එඩිට් කරපු apk එකේ නමින්ම තියෙන්නේ ඒකේ අන්තිමට තියෙන්නේ Signed කියලා ඒක තමයි ෆයිල් එක දැන් ඒක ඉන්ස්ටෝල් කරලා බලන්ට හරි ආකාරයටම ඉන්ස්ටෝල් වෙනවා මම පහල දාලා තියෙනවා මම එඩිට් කරපු APK එකේ වීඩියෝවක් ඒකත් බලන්ට




මෙන්න මම මෙච්චර වෙලා එඩිට් කරපු Flappy brd ඕපන් වෙන විදිහ



මෙකයි සීන් එක මෙවගේ දෙවල් කරලා ගන්න පොඩි අතාල් එක වෙන කිසිම දේකිම් ගන්ට බෑ අපිට ඕන විදිහට කස්ටම් කරගන්ට පුලුවම් Flappy Bird වගේ ගේම් එකක්නම් අපිට පුලුවම් සම්පූර්නයෙන් වෙනස් කරන්ට තව ඕනනම් පුලුවම් පැකේජ් නේම් එක ඇප් නේම් එක වගේ වෙනස් කරලා ගොඩක් වැඩ කරන්ට ඒ ගැන පස්සේ කියන්නම් මේකෙන් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක බාරගන්නා apk එකක් විදිහට අපි එඩිට් කරපු apk එක Signed කරන එක ඉස්සරහට දාන පෝස්ට් වලට ඕන නිසා තමයි මේ පෝස්ට් එක මුලින්ම දැන්මේ එහෙනම් කරලා බලලා කමන්ට් එකක් එහෙම දාන්ට ජය!



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share:

Tuesday, July 22, 2014

සිංහල හදුන්වාදීම (සිංහලෙන්)

සිංහල හදුන්වාදීම



හායි ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල උනිකෝඩ් දාන එක තමයි මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තත් අපි හිතන්නේ ඕකට ඉතිම් ෆෝන් එක රූට් කරලා වෙනදානම් කරන්නේ සින්හල උනිකෝඩ් ෆෝන්ට් එකක් ඉන්ස්ටෝල් කරන එකනේ ඒ කියන්නේ රීපේස් කරනවා ඔහොම දාලත් සමහර වෙලාවට අකුරුවල  කෑලි සමහර ඇප් ඕපන් වෙන්ට වෙලා යනවා ඔපරාමිනි වගේ කිසිම ලස්සනක් නෑ ෆෝන් එක. මොකද උනිකෝඩ් ෆොන්ට් එකක් අපි දාන්නේ තියන ෆෝන් එකකට රීප්ලෙස් කරන එකයි ඔහොම කලහම සිස්ටම් ෆෝන් වල ඉන්ග්‍රීසි අකුරුත් වෙනස් වෙනවා ඔය විදිහ තමයි අපි ඔච්චර කාලෙකට පාවිච්චි කරේ මට ඕක හෙන ප්‍රෂ්නයක් උනා ඒක නිසා ෆෝස් බුක් පෝස්ට් එකක් දැන්මා එක යාලුවෙක් දාපු කමට් එකක් දිගේ හොයාන හොයාන ගිය වැඩේ හරිගියා මේකේන් වෙන්නේ අපි සිංහල ෆෝන්ට් එක ෆෝන් එකට හදුන්වා දෙන එකයි ටිකක්විතර කල්පනා කරන්ට ඕන වැඩක් හැබැයි අමාරුනම් නෑ හොදට බලලා හොදට කියවලා වැඩේ කරන්ට කොම්පුටර් එකක් තියන අයටනම් ලේසී අනිත් අයට පුලුවම් රූට් එක්ස්ප්ලෝරා පාවිච්චි කරන්ට ආපහු කියනවා හොදට කියවලා බලලා රූප බලලා මේවැඩේ කරන්ට මුලින්ම මේ සොෆ්ට්වෙයා එකයි FONT එකයි ඩවුන්ලෝඩ් කරගන්ට


DOWNLOAD 



DOWNLOAD


මුලින්ම කියන්ට ඕනේ තමුන් කරන දේගැන තමුන්ට විෂ්වාසය තියෙන්ට ඕනේ අනික මේ හැම පෝස්ට් එකක්ම දාන්නේ කරලා බලලා ඉවර වෙලා ඒක නිසා ඉතුරුටික තියෙන්නේ තමුන්ගේ අතේ හරි ඒ කතා ඇති මුලින්ම NotPad++ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරගන්ට සිංහල ෆෝන්ට් දෙකත් ඩවුන්ලෝඩ් කරගන්ට ඒකරලා දැන් ගේමට බහින්ටයි යන්නේ

1.හරි මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා

System ----> etc

කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා fallback_fonts.xml කියලා ෆයිල් එක ඔයාලාගේ කොම්පුටර් එකට ගන්ට (කොම් එකක් නැති අය SDcard එකට කොපියක් දාගන්ට)







2.හරි දැන් ඔයාලා fallback_fonts.xml කියන ෆයිල් එක කොම්පුටර් එකට කොපි කරගෙන ඉවරයි දැන් fallback_fonts.xml ෆයිල් එක රයිට් ක්ලික් කරලා Edit with notpad++ කියන එක දෙන්ට
(කොම් එකක් නැති අය මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩේ කරන්ට Axel (XML Editor / Viewer)



3.හරි දැන් තමයි ටිකක් අමාරු වැඩකට තියෙන්නේ ඔයාලා Notpad++ එකෙන් ඕපන් කලහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඔතන ඇති ඔයාලාගේ ෆෝන් එකේ තියන ෆොන්ට් ඔක්කම ඔයාලා ඔය command line  මැදින් ‍තෝරාගන්ට ඕන තැනක් ඒ තැන මට ලියන්ට බෑ මම පින්තූරයක් දාන්නම් මේකේ තියෙනවා රතුපාට ඉරක් ගහලා අන්න ඒ වගේ තැනක් හොයාගන්ට එකම විදිහකට යන්නේ ඔය ඔක්කම මුලිනුත් නැතිව අගිනුත් නැතිව මැදින් තැනක් හොයාගන්ට මට මේක කියන බාෂාවෙන් ලියන්ට බැරි නිසායි මම පින්තූරාක් දානේ හොදටම බලලා කරන්ට මොකද ඔය තැනට තමයි අපි අලුතිම් ලයින් එකක් ඇඩ් කරන්නේ


4.හරි ඔය ඉරක් ගහලා තියෙනවා වගේ තැනක් ඔයාලා හොයාගෙන ඉවර වෙලා ඊට පහලිම් මේ මම දීලා තියෙන command line  ටික ඇඩ් කරන්ට ඕනේ </Fileset> කියන තැනට යටිම් ඇඩ් කරන්ට ඕනේ ඇඩ් කරලා ඉවර උනාම මම පහල දාලා තියෙන රූපය වගේ තියෙන්ට ඕනේ

    </family>
    <family>
        <fileset>
            <file>DroidSansSinhala-Regular.ttf</file>
            <file>DroidSansSinhala-Bold.ttf</file>
        </fileset>


(මෙතනින් කෝඩ් ටික කොපි කරගන්ට අමාරුනම් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලාගන්ට Download)



අපි එඩිට් කරලා ඉවර උනාම උඩ පින්තූරයේ තියෙන ආකාරයටම තියෙන්ට ඕනේ


5.හරි fallback_fonts.xml ෆයිල් එක මම කීව විදිහට මොඩ් කරලා ඔයාලා ෆයිල් එක සේව් කරන්ට මතක් කරලා සේව් කරන්ට ඒක අමතක උනොත් ඉවරයි fallback_fonts.xml මොඩ් කරලා සේව් කරලා ඉවර වෙලා  fallback_fonts.xml එක ෆෝන් එකට දාගෙන ආපහු

System------etc

කියන ෆෝල්ඩර් එකට රීප්ලේස් කරන්ට ඒකරලා පර්මිෂන් පහල රූපයේ විදිහට ලබා දෙන්ට





6.හරි දැන් ඉතිම් ගොඩක් දුරට වැඩ ඉවරයි දැන් ආපහු රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා 
Data ෆෝල්ඩර් එකට යන්ට ඒ කරලා ඒකේ අලුතිම් ෆෝල්ඩරයක් හදන්ට SYSMLINK කියලා ඒ කරලා පහල පින්තූරයේ විදිහට පර්මිෂන් හදන්ට







7.හරි දැන් SYSMLINK කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆෝන්ට් ෆයිල් දෙක දාන්ට ඒකරලා පහල ආකාරයට රූට් එක්ස්ප්ලෝරා වලිම් පර්මිෂන් වෙනස් කරන්ට





8.හරි දැන් ඔයාලාට කරන්ට තියෙන්නේ අන්තිම ටික මුලින්ම එක ෆොන්ට් ෆයිල් එකක් ටච් කරගෙන ඉන්ට ටික වෙලාවාක් එතකොට රූට් එක්ස්ප්ලෝරා ඔප්ෂන් මෙනු එක එනවා ඒකේ යටම තියනවා Link to this file කියලා අන්න ඒක දෙන්ට එතකොට යටිම් වැටෙනවා CREATE LINK කියලා ඔයාලට දැන් කරන්ට තියෙන්නේ SYSTEM වල තියෙන FONTS ෆෝල්ඩර් එකට ගිහිල්ලා CREATE LINK කියන එක දෙන්ට එතකොට ඒ ෆෝන්ට් ෆයිල් එක ලින්ක් වෙනවා අන්න ඒ වගේ ෆෝන් ෆයිල් දෙකම ලින්ක් කරන්ට ඕනේ SYSTEM වල FONTS ෆෝල්ඩර් එකට







හරි දැන් ෆෝන් එක රීබූට් පාරක් එහෙම දාලා බලන්ට සිංහල වැඩ කරනවා බබා වගේ කිසිම අවුලක් නෑ ලස්සනයි ඕන වෙබ් බ්‍රොව්සර් එකක ටොපට වැඩ







මේක ඇත්තටම පොඩි වැඩක් තේරෙන සිංහලෙන් කියලා දෙන්ට පුලුවම් වෙන්ට ඕන නිසයි ටිකක් දිගට ලියව්වේ හරියටම කරන්ට වැරදෙන්නේ නෑ කීයටවත් ඒකනම් සුවර් හොදට මතක තියාගන්ට ඔයාලාට හිතෙන්ට පුලුවම් කෙලින්ම ෆොන්ට් ෆයිල් දෙක system/fonts ෆෝල්ඩර් එකට දැන්මානම් ඉවරනේ කියලා ඔවු එහෙම කලත් වරදින්නේ නෑ බැරිවෙලාවත් ෆෝන් එක BOOTLOOP උනොත් ෆැක්ටරි රීසෙට් එකක් දාලා ආයේ හදාගන්ට පුලුවම් අලුතිම් රොමක් ගහන්ට ඕනේ නෑ අනික එහෙම ලින්ක් කරන එකෙන් SYSTEM මෙමරිය ඉතුරු කරගන්ට පුලුවම් හරි එහෙනම් කරලා බලලා කමන්ට් එකක් දාන්ට ජය!



100% DroidLanka Post

මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share: