Thursday, June 19, 2014

Flappy Bird [ MODE SCORE ] (සිංහලෙන්)

Flappy Bird [ MODE SCORE ]



හායි හරිම අමාරුවෙන් ඉන්නේ මහ ජරා හෙම්බිරිසාවක් නිසා ආසාවට වගේ Flappy Bird ගේම් එක දාගෙන සෙල්ලම් කරා උපරිම ලකුනු 9න් එහාට යාගන්ට බෑ හෙම්බිරිසාවට වඩා අමාරුයි Flappy Bird සෙල්ලම් කරන එක සමහර විට මේ වගේ සිම්පල් ගේම් එකක් සෙල්ලම් කරන්ට බෑ කියන්නේ මගේ තියන දුර්වල කමක් වෙන්ට ඇති නිකමට වගේ බැලුවා ස්කෝර් එක අපිට වෙනස් කරන්ට බැහැද කියලා බැරිකමක් නෑ පුලුවම් හරිම සිම්පල් රූට් කරලා තියෙන්ට ඕනේ රූට් එක්ස්ප්ලෝරා තියෙන්ටත් ඕන කැමති අය ඉන්නවානම් කරලා බල්න්ට අනිත් අය දැනුමට එක්කරග්න්ට කරන විදිහ



1. මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා 

Data > Data > Com.Dotgears.FlappyBird

ෆෝල්ඩර් එකට යන්ට





2. දැන් කරන්ට තියෙන්නේ com.dotgears.Flappybird කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා shared_prefs කියලා ෆෝල්ඩර් එකක් ඒක ඕපන් කරගෙන ඉවර වෙලා FlappyBird.xml. කියන ෆයිල් එක උඩ ටිකක් ටච් කරගෙන ඉන්ට එතකොට Options මෙනු එක එනවා ඒකේ තියනවා OPEN IN TEXT EDITOR කියලා ඒක දෙන්ට






3.එඩිට් කරන්ට ඕපන් කලහම තියනවා

<int nam="score" value="xxx"  />

 මෙන්න මේ ලයින් එකේ මම xxx කියලා ගහලා තියන තැනට ඔයාලා කැමති ගානක් දෙන්ට පහල දාලා තියන ස්ක්‍රීන් ශොට් එක බැලුවනම් ගොඩක් පැහැදිලි වෙනවා මම කියන එක
(මම xxx කියලා ගහලා තියන තැන ඇත්තේ ඔයාලාගේ දැනට තියන ස්කෝර් එක)


හරි දැන් ෆෝන් එක රීබූට් පාරක් දාලා ගේම් එක ඔන් කරලා බලන්ට කොහොමද ස්කෝර් එක කියලා මේවගේ පොඩි පොඩි දේවල් දැන ගෙන ඉන්න එක ගොඩක් වටිනවා






මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR




Share:

1 comment:

  1. Comp eken puluwn bn edit karanna, no root access needed

    ReplyDelete